Friday, September 20, 2024

දමිළ ජන අභිලාෂයන් ප්‍රකට කරමින් යාපනෙන් ඇරඹි පාගමන මඩකලපුවෙන් අවසන් වෙයි !

Must read

නිදහස් දිනය කළු දවසක් බවට ප්‍රකාශ කරමින් පසුගිය 4 වෙනිදා යාපනයෙන් ඇරඹි විරෝධතා ගමන ඊයේ ( 07 ) වෙනිදා මඩකලපුවේන් අවසන් කර තිබේ.

මෙම විරෝධතා පාගමන යාපනය මුලතිව් කිලිනොච්චි . ත්‍රිකුණාමලය ඔස්සේ ඊයේ දිනයේ මඩකලපුවට ලගා වි තිබුණි.

දේශපාලන , මෙන්ම සමාජ ක්‍රියාකාරින්ද එක් ව සිටි මෙම පාගමනට සියලු ආගමික නායකන්ගේ මෙන්ම සියළු ජනකොටස්වලට උණුසුම් සහයක් ලැබු බව අපගේ ප්‍රාදේශිය වාර්තාකරුවෝ ප්‍රකාශ කර සිටියහ.

ස්වයංතිරණ අයිතිය පිළිබද සටන් පාඨය ඇතුළු දෙමළ ජන අභිලාෂයන් ප්‍රකට කරන විරෝධතා ප්‍රවරු බැනර් විශාල ප්‍රමාණයක් විරෝධතාකරුවන් විසින් ප්‍රදර්ශනය කරන්නට යෙදුණි.

රතු සහ කහ වර්ණයෙන් යුතු කොඩි ලෙලදවමින් විරෝධාකරුවෝ යතුරු පැදි, වාහන වල නැගි මහන් උද්යෝගයෙන් යුතුව මෙම විරෝධතාවයට නව ජිවයක් ලබාදෙන්නට තරුණ විරෝධතාකරුවන්ගේ දායකාත්වය මුලික විය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article