Friday, September 20, 2024

දමිළ ජන අභිලාෂයන්ට එරෙහිව දකුණේ ජාතිවාදය මහපාරට ?

Must read

දමිළ ජන අභිලාෂයන් ප්‍රකට කරමින් යාපනේ සිට දමිළ බස කථාකරන ජනයාගේ ප්‍රධාන නගර හරහා ගිය විරෝධතා ගමන ඊයේ (7) දිනයේ මහත් උද්යෝමත් ලෙසින් මඩකලපුව නගරයෙන් අවසන්ව තිබේ
එහිදි ඔවුන් ඉතාමත් පැහැදිලි ලෙසින් සිය අභිලාෂයන්  ප්‍රකට කර තිබුණි.

නිදහස් දිනය කළු දිනයක් බවට ප්‍රකාශ කරමින් යාපනෙන් ඇරඹි විරෝධතා ගමන ඊයේ මඩකලපුවෙන් අවසන් විය.

මේ අතර රජය විසින් යෝජනා කර ඇති 13 ව්‍යස්ථා සංශෝධනයේ පිටපතක් පුළුස්සා දමමින් අද දිනයේ පාර්ලිමේන්තුව ඉදිරිපිටදි බෞද්ධ භික්ෂුන් පිරිසක් විරෝධතාවයක නියැලි සිටියහ.

දමිළ ජනයාට යම් විසදුමක් දෙන්නට සුදානම් වු සෑම අවස්ථාවකදිම  දකුනේ ජාතිවාදින් එයට එරෙහිව විරෝධයන්  පළකර තිබුණි.

මේ රටේ කල්පවතින සාමයකට කැමැති ජාතිවාදි නොවන හදවත්  ඇති මිනිසුන් මේ රැළිගහමින් එන ජාතිවාදයට එරෙහිව පෙළගැසිය යුතුව තිබේ.

අරගලය තමන්ගේ නම් වලට ලියාගැනිමටද අරගලය කරන ජවිපෙ පෙරටුගාමින් සහ සිවිල් සමාජ අනුගාමිකයන් දැන් තමන්ගේ ස්ථාවරයන් සලකුණු කරමින් ජාතිවාදයට එරෙහිව පෙරමුණ  ගත යුතුව තිබේ.

එහෙන්ම සති අන්ත හෝටල් සමුළු අතරේ කැරකැවුන සාම සංවාද සංහිදියා චාරිකා වලට මහත් උද්යෝගයෙන් යුතුව එක්ව සිටි සැමද දැන් හිටගන්නේ කොයි පැත්තේ දැයි  රටේ තුල කල්පවතින සාමයක් පතන සැම බලා සිටිති.
පහුගිය කාලය පුරාම සංහිදියාව වෙනුවෙන් වැය කළ කෝටි ප්‍රකෝටි ගණන්වල සෑබෑ ප්‍රතිඵල දැකිය හැකිවනු ඇත්තේ එවිටය.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article