Sunday, December 22, 2024

දකුණේ පොලිස් මර්ධනය ගැන උඩ දදා නිව්ස් ලියන කියන අයට නොපෙනෙන උතුරු නැගෙනහිර පොලිස් මර්ධනය ?

Must read

ලංකවේ මාධ්‍ය කර්මාන්තය දිනෙන් දින ඇදි යන්නේ ආචාරධාර්මික නොවන හිට් පසු පස යමින්  පුවත් විකුණාගෙන බඩවියත සරිකරගන්නා අන්තයක් කරාය .
ජිවිතේ ගැටගසාගන්නට මල්විකුණන තරුණයාව පාව විකිණිය හැකිනම් යුටියුබ් කාරයෝ එය විකුණාගෙන කති.

දකුණේ සිදුවන පොලිස් මර්ධනයන් ගැන එසැනින් පුවත් මවන ප්‍රධාන ධාරවේ මාධ්‍ය මෙන්ම විකල්ප යැයි කියා ගන්නා සයිබර් මාධ්‍ය පවා උතුරේ සහ නැගෙනහිර සිදුකරමින් ඇති පොලිස් මර්ධනය ගැන මික් කියන්නේ නැත.

ප්‍රගතිශිලි වාමාංශික යැයි කියාගන්න බලවේගය මෙන්ම අනෙකුත් කණ්ඩායම්ද තකට තකය

යුධ සමයේ අවසන් කාලයතුල උතුරු නැගෙනහිර ජනයා යන්තම් කුසගිණි නිවාගත්තේ කැඳ උගුරක් පානය කරමිනි.,එය සංකේතවත් කරමින් මේ දිනවල උතුරේ මෙන්ම නැගෙනහිරද ජනයා කැඳ දානය පිලියෙල කොට බෙදා දෙති.

යුද්ධය විසින් බිලිගත් සිය අදරැතියන් සමරන  මැයි 18 මුල්ලිවයිකාල් සැමරුම නිමිති කොට ගෙන කැඳ පිළියෙල කරමින් සිටි ත්‍රිකුණාමලයේ සාම්පුර් ප්‍රදේශයේ කාන්තාවන් පිරිසක් පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙහිදි පොලිස් නිලධාරින් විසින් කාන්තාවක් බිම දිගෙන ඇදගෙන යන අයුරු දැක්වෙන ඡායාරුප මෙන්ම විඩියෝ දර්ශනන දමිල මාධ්‍යවෙිදින් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සමාජ ගතකරන්නට පටන් ගෙන තිබේ.

එහෙත් මෙවැනි තිරිසන් ම්ලේච්ඡ තත්වයක් ගැන දකුණ මාධ්‍ය නිහඩය. දකුණේ දේශපාලන බලවේග නිහඩය . එමෙන්ම සිවිල් කණ්ඩායම්ද මික් නොකියති

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article