Tuesday, November 5, 2024

දකුණේ අරගලයට සහය පතා අද උතුරේත් විරෝධතා …..

Must read

රටේ දකුණේ අරගලයට සම්බන්ධ ප්‍රගතිශීලී තරුණ තරුණියන්ට සහයෝගීතාවයේ දෑත් දිගු කරමින් දෙමළ ජනතාවගේ සාධාරණ අයිතීන් අවධාරණය කරමින් වත්මන් පාලකයින් පලවා හරිමින් උතුරේ තරුණයින් අද සවස 6.30 ට යාපනය පන්නයි පාලම අසලදී සංකේත විරෝධතාවක් සංවිධානය කර ඇතැයි වාර්තා වේ.දකුණේ අරගලයට උතුරේ සහ නැගෙනහිර ප්‍රතිචාරය පිළිබදව බොහෝ දෙනා පසුගිය දින වල විමසා තිබුන බවද වාර්තා විය.
කෙසේ‌ වෙතත් පසුගිය වසරේ දින 6 ක් පුරාවට නැගෙනහිර සිට උතුරට ගිය දැවැන්ත ජනතා ගමන ගැන අඩුම තරමින් මාධ්‍ය තුලින් වාර්තා කිරිමට පවා දකුණේ මාධ්‍ය කටයුතු නොකල බවද මෙහිදි සටහන් කළ යුතුව තිබේ.
විශේෂනේම දකුණේ අරගලය ගැන විනාඩි ගණන් වෙන්කරන ඇතැම් මාධ්‍ය උතුරේ මේ පාගමන ගැන කිසිදු පුවතක් පළකර තිබුනේද නැත . ප්‍රධාන ධාරාවේ පමණක් නොව විකල්ප යැයි කියා ගත් වෙබ් හෝ සමාජ මාධ්‍ය වේදිකාව තුල කටයුතු කරන අය පවා මේ ගැන නිහඩ පිළිවෙතක් අනුගමනය කර තිබුණි.
මාධ්‍ය විසින් පවා ජනතා අරගල බෙදා වෙන් කරමින් සිටින පසුබිමක මේ බෙදිල්ල පරාජය කිරිම ප්‍රතිපත්ති ගරුක මාධ්‍ය භාවිතාවක යෙදෙන සැමගේ වගකීමකි.

2021 ප්‍රෙබරවාරි මස පැවැති P2P
2021 ප්‍රෙබරවාරි මස පැවැති P2P



- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article