
බස්නාහිර පළාතේ සිට දකුණු පළාතට ඇතුළුවීම සඳහා අධිවේග මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසල සිට දොඩම්ගොඩ දක්වා ඊයේ (16) කිලෝමීටර් ගණනාවක් දිගු වාහන පෝළිම් දක්නට ලැබුණ බව දෙරණ වාර්තා කර තිබුණි.
ඊයේ (16) දින සිට දින කිහිපයක දීර්ඝ නිවාඩුවක් එලඹෙන පසුබිමක මෙම වාහන පෝළිම් ඇතිවී තිබීම විශේෂත්වයක් වන අතර ඒසේ සිදුව තිබුනේ කොවිඩ් පාලනය සඳහා පළාත් අතර තවදුරටත් සංචරණ සීමා ක්‍රියාත්මක වී තිබියදීය.

වැලිපැන්න පිවිසුමේදී ඊයේ පෙරවරුවේ සිට පස්වරුව දක්වා එලෙස පැමිණි වාහන සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂාවන්වලදී නිසි අවසර පත්‍ර නොමැතිව බස්නාහිර පළාතේ සිට දකුණු පළාතට ඇතුළුවීමට පැමිණි වාහන 120ක් පමණ ආපසු හරවා යැවීමට කටයුතු කර තිබේ.
වැලිපැන්න අධිවේග රථවාහන පොලීසිය ඒ බව පැවසීය.
එලෙස පැමිණි වාහන වැලිපැන්න පිවිසුමේදී දැඩි පරීක්ෂාවට ලක්කිරීම හේතුවෙන් වාහන රියදුරන්ට පැය ගණනාවක් දිගු පෝලිම්වල රැඳී සිටීමට ද සිදුවිය.