Sunday, May 19, 2024

දකුණටත් දැනෙන්න ප්‍රති ත්‍රස්ත පණතට එරෙහිව උතුරේ සහ නැගෙනහිර කරපු හර්තාලය !

Must read

ත්‍රස්ත පණත නිසා සැබැවින්ම දැවැන් පිඩාවට පත්ව සිටියේ උතුරේ සහ නැගෙනහිර ජනයාය. නඩු නැති ව දශක ගණනක් දේශපාලන සිරකරුවන් සිටියේ දකුණේ සිරගෙවල් තුලය.
එහෙත් දකුණේ වාම ප්‍රගතිශිලින් පවා  උතුරු නැගෙනහිරට දැවැන්ත මර්ධනයක් මුදා හළ මේ පණත ගැන මික් කිවේ නැත.

දැන් ඔවුන්ට එරෙහිව මේ ත්‍රස්ත පණත පැමිණ ඇති නිසා තරඟයට මෙන්ම අරගලය පාරට ගෙන එමින් සිටිති.
1983 දි ඇස් උගුල්ලා වැලිකඩදි ඝාතනය කළ නිර්භිත දේශපාලන සිරකරුවා කුට්ටිමනි දකුණට මේ පණත ගෙන ඒමට නියමිත මර්ධනය ගැන ඉතා නිශ්චිත ලෙසින් කියා තිබුණි.
එදාට උතුරේ වදකාගාර තුල දුක්විදින දරුවන් වෙනුවට දකුනේ වදකාගාර තුල දුක් විදින දකුණේ තරුණ තරුණියන් සිටි යැයි ඔහු එදා කියා තිබුණි.

අවාසනාවක තරම නම් ඒ තරම් නිවරදි දේශපාලන විග්‍රහ කරගන්නට තරම් දේශපාලනික පරිචයක් දකුණේ වාමා ප්‍රගිතිශිලින් නොතිබිමය.

රැඩිකල් වම පවා එදා සිටියේ ජාතිවාදි සළු පිළි පොරවා ගෙනය. ඒ නිසාම දකුණේ පාලකයන්වත් යුද්ධයට දක්කමින් පන්සල් ගානේ හමුදා කදවුරු ගානේ නෙළුම් රැගෙන කැරකුණේය.

දැන් දකුණ රත්වි ඇත. ත්‍රස්ත පණත මිනිස් විරෝධතා සියල්ල ත්‍රස්ත ක්‍රියා ලෙසින් වරනගන බව කියති.

සකලාකාර මර්ධන නිති වලට අප එරෙහි විය යුතුය . එහෙත් උතුරේ සහ නැගෙනහිර ජනයා හා අත්වැල්  බැදගත් අරගලයක් දියත් කිරිමට දකුණ අපොහොසත් වෙන තාක් කල් දකුණේ දේශපාලකයන්ට ඇතිතරම් බඩපිණුම් ගැසිම පහසු වනු ඇත

පාලකයන් එලවා දැමිමට ජනයා පාරට පැමිණ කදවුරු ගසා සිටි කාලයට දැන් වසරක් පිරි තිබි. එහෙත් ඒ ජනයා ත්‍රස්ත පණතට එරෙහිව හෝ වෙනත් කාරණා සම්බන්ධයෙන් දැන් පාරවල් වලට පැමිණෙනේ නැත.
ඒ නිසාම දකුණේ බොහොමයක් විදි අරගල ඒ ඒ පක්ෂ කණ්ඩායම් වලට ආධාරකරුවන්ගේ ගානට කැපි යමින් තිබේ

පිඩාවට එරෙහිව දැවැන්ත අරගල සංස්කෘතියක් කවදත්  ක්‍රියාත්මක බව පසුගිය 25 වෙනිදා උතුරේ සහ නැගෙනහිර පැවැති හර්තාලයට ජනයා දැක්වු ප්‍රතිචාර වලින් කදිමට පෙනේ.

මේ අතර වව්නියාවේ සිංහල පාසැල්වල විදුහල්පතිවරුන් පාසැල් පැවැත්වු බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. ඉන් කියැවෙන්නේ කුමක්ද ?

ආර්ථික ඉල්ලිම් වටා බොහෝ විට කැරෙකෙන දකුණෙේ අතිබුතරයක් වු  වෘත්තිය ක්‍රියාමාර්ග ගැන අප යළිත් සිතා බැලිය යුතු නොවේද ?වව්නියාවේ දමිළ පාසැල් සහ සිංහල පාසැල් තුලි හර්තාලයට ලැබුන ප්‍රතිචාරය තුල අරගල සංස්කෘතියක  දිග පළල  ප්‍රකාශ මාන වි තිබේ

ආර්ථික නොවන සමස්ථ සමාජයම පෙළන කරුණු අරභයා දකුණේ වෘත්තිය සමිති පාරට බැසිම ගැන යථාර්ථය පසුගිය කාලය පුරාම අපි දැනටමත් අත්දැක ඇත්තෙමු

මේදිනවල සමාජය මාධ්‍ය ඔස්සේ බෙදා හැරුණු මේ පහත පෝස්ටුව  උතුරේ සහ දකුණේ දේශපලනයේ යථාව කදිමට කියා තිබේ

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article