Wednesday, December 25, 2024

තිස්සනායගම් ,නතාෂා සහ බෲනෝ ..

Must read

 

විවිධ මාධ්‍ය මෙවලම් ඔස්සේ සිය අදහස් පළකරන්නට යෙදුන මාධ්‍යවේදින් සාමාජ මාධ්‍ය ක්‍රියාකාරින්ට එරෙහිව ඉතිහාසය පුරා පැවති ලාංකික රජයන් විසින් විවිධ හිරහැර බාධාවන් එල්ල කර තිබේ. මාධ්‍ය ක්ෂේත්‍රය තුල සිය ක්‍රියාකාරිත්වයන් නිසා වැඩිම ජිවිත වන්දියක් ගෙවා ඇත්තේ උතුරේ සහ නැගෙනහිර දමිළ බස හසුරුවන මාධ්‍යෙව්දින්  සහ මාධ්‍ය සේවකයන්ය.

පසුගිය රාජපක්ෂ පාලන කාලය තුල ලෝකයට සත්‍යය කියන්නට ගොස් ජිවිත වලින් වන්දි ගෙවු මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් ගණන 44 කි.
ඉන් 41 දෙනෙකුම දමිළ ජාතිකයෝ වෙති.

මේ අතර සගරාවක පළකළ ලිපියක් හේතුවෙන් වසර 20  ක සිරදඩුවමක් විදින්නට එදා මාධ්‍යවේදි තිස්සනායගම්ට සිදුවිය. ඒ 2008 වසරේදිය

 

අද යළිත් වරක් මාධ්‍ය මර්ධනය පිලිබදව දකුණේ ලොකු කථා බහක් මතුව තිබේ. එයට ආසන්නතම හේතුව වි තිබුනේ ප්‍රහසන ශිල්පිණියක වන නතාෂා සහ සමාජ මාධ්‍ය වේදිකාවක හිමිකරුවෙකු යැයි කියන බෲනෝ අත්අඩංගුවට ගැනිමත් සමගිනි

එමෙන්ම මෝඩාභිමානය නැමැති වැඩසටහන නැරඹිමට එක්ව සිටියා යැයි කියන අයට සහ ඔවුන්ගේ පවුල්වල අයටද දැන් විවිධ තර්ජන එල්ලවන්නට පටන් ගෙන ඇති බව සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ

කව්රුන් කවර කළක කාට කළද මර්ධනය කුරිරුය .මේ ආකාරයෙන් මර්ධනයට ලක්වු හේතුන් ගෙන බැලුවවොත් ඒවා සැබැවින්ම විවිධාකාරය . කිසිසේත්ම සමාන කළ නොහැක.

2006 වසරේදි සුගිර්තරාජන් නම් මාධ්‍යවේදියා ඝාතනය කරනු ලබන්නේ ත්‍රිමලේ සිසු ඝාතනය ගැන පට්ටපල් බොරු ගෙතු දකුණේ ජාතිවාදි මාධ්‍යකරුවන්ට එරෙහිව යමින් ලොවට ඇත්ත කියා සිටිම හේතුවෙනි .

ති මලේ සිසු ඝාතනය නිර්භිතව ලොවට හෙළිකළ මාධ්‍යවේදියා ඔහුය.

2006 ජනවාරි 06 වෙනිදා ත්‍රිකුණාමලයේදි සිසුන් 5 දෙනෙකු ඝාතනය වු අතර ඒ අය මිය ගියේ නාවික හමුදාවට ගහන්න ගෙනා ග්‍රැනේඩ් එකක් පුපුරා යාම නිසා යැයි දකුණේ ජාතිවාදි මාධ්‍ය සහ මාධ්‍යකරුවන් බොරු ගොතද්දි ඒ සිසුන් 5 දෙනාගේ දේහයන් තැන්පත් කර තිබු මෘත ශරිරාගාරයට ගොස් ඒ දේහයන් වල සමිප ඡායාරූප ගනිමින් සුගිර්තරාජන්  ලෝකයට හෙළිකර සිටියේ මේ සිසුන් ඝාතනය වි ඇත්තේ වෙඩි තැබිම් හේතුවෙන් බවය.සිරුරු පාසාරු කරගෙන ගොස් තිබුණ උණ්ඩ සලකුණු ඔහු සිය කැමරා කාචයේ සටහන් කරගෙන තිබුණි

මේ තිත්ත ඇත්ත ලොවට හෙළිකළ  නිසා නාදුනන තුවක්කුකරුවන් විසින් 2006 ජනවාරි 24 වෙනිදා සුගිර්තරාජන්ව වෙඩිතබා ඝාතනය කර තිබුණි.

අදටත් සුගිර්තරාජන්ට පමණක් නොව එසේ මියගිය  අතුරුදහන් කළ අයට යුක්තිය නැතිව පමණක් නොව ඒ වෙනුවෙන් නැගෙන හඩක්ද නොමැති තරම්ය.
දකුණේ මිනිසුන් එදා සිටියේ මේ ඝාතනය ගැන බහුතරයක් සිටියේ නෑසු කන්වය.අදටත් එසේමය

සඟරාවට ලිපයක් ලිවිම නිසා  20 වසරකට හිරේට නියම කළ තිස්සනායගම් යුක්තිය ඉටුකරලිමේ අරගලය අවසානය තෙක් අත්නොහැර අල්ලාගෙන සිටිමට
දකුණේ මාධ්‍ය සංවිධාන සහ මාධ්‍යකරුවන්  අපොහොසත් වු අකාරයද අපට හොද හැටි මතකය

දැන් නතාෂාලා ගැන දකුණම කථා කරන්නට පටන් ගෙනය. ඒ ප්‍රවේශපත් මිළට ගෙන නරඹන්නට ගිය ප්‍රහසන වැඩසටහනදි  බුදු දහමට සම්බන්ධ ඇතැම් දැ ප්‍රකාශ කිරිම බුදු දහමට කල අපහසයක් යැයි කියන පදනම මත දකුණේ බෞද්ධ රාජ්‍යය සහ  සංස්කෘතික පොලිසිය අවිඅමෝරගෙන පැමිණ ඇති පසුබිමකය.

හිට් පස්සේ දුවන මාෆියාකරුවන් අතර පත්ව ඇති සයිබර් මාධ්‍ය කලාව තුල මුදල් හම්බ කිරිම දැන් අංක එකට පැමිණ තිබේ.මුදල් ලැබෙන්නේ නම් කුකුලන් කෙටිවිමේ සිටි තවත් නහුතයක් දැ මේ අය විසින් දැන් කරන්නට මැලිනොවෙති

ප්‍රධාන ධාරවේ මාධ්‍ය හරහා ක්ෂේත්‍රයට පිවිස ඇතැමුන් සිය මුඛරිකම් මුදල් හම්බ කිරිම වෙනුවෙන් යොදාගෙන ඔවුන්ගේ ම ව්‍යාපෘති දැන් ආරම්භ කර තිබේ.

ඒයට නොදෙවෙනි අන්දමින් ඇතැම් සාමාජ මාධ්‍ය කරුවන් ද ඔවුන් හට ලැබෙමින් ඇති තවමත් පැහැදිලි නැති මුල්‍ය මුලාශ්‍රවල පිහිටෙන් අද සයිබර් ආවකාශය තුල රැකිය යුතු මුලික ආචාර ධර්මවත් නොකතා සංදර්ශන පවත්වමින් සිටිති.

සුගිර්තරාජන්ලාගේ සිට බෲනෝල දක්වා රාජ්‍යයේ නිළ සහ නිල නොවන මර්ධනය පැමිණ තිබේ.තිත්ත ඇත්ත ලෝකයට කියන්නට ගිය සුගිර්තරාජන්ලා ජිවිතවලින් වන්දි ගෙවද්දි බෲනෝල අත්අඩංගුවට ගැනෙන්නේ ඔවුන්ගේ  සමාජ මාධ්‍ය භාවිතාවේ ඇති ගැටලු මෙන්ම  ඒ හා බැදුන ප්‍රාග්ධනය සම්බන්ධතාද පිළිබදව ඇති ප්‍රශ්ණද සමගින්ය.

කෙසේ වෙතත් අදහස් පළකිරිමේ නිදහසට බාධා එල්ල කරන්නට කිසිවෙකුටත් නොහැක.එය දකුණේදි පමණක් නොව උතුරේ මෙන්ම නැගෙනහිරදිද රැකිය යුතු අයිතියකි.

තිස්සනායගම් ගැන එදා පළව තිබු මේ සටහන මේ ලිපිය අවසන් කිරිමට සුදුසු යැයි සිතේ .

ජාතීන් අතර සංහිදියාව නැති කිරීම සඳහා මාධ්‍යය යොදාගත්තේ යයි චෝදනා කරමින් මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් ට ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ බරපතල වැඩ සහිතව විසි අවුරුදු සිර දඬුවමක් නියම වූයේ ජනපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ ය. 2009 වසරේ සිට අනීතික ලෙස සිරගත කර සිටි තිස්සනායගම් වෙත ජනාධිපති සමාවක් ලබා දෙන්නට 2010 වසරේ මැයි 03 දිනට යෙදුණු ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයේ දී ඇමරිකානු ජනපති බැරක් ඔබාමා කළ මේ ප්‍රකාශය ද ඉවහල් විය.
“අසර්බයිජානයේ සිට සිම්බාබ්වේ දක්වා ද, බුරුමයේ සිට උස්බෙකිස්ථානය දක්වා ද, කියුබාවේ සිට එරිත්‍රියාව දක්වා ද ලෝකයේ සෑම අහුමුල්ලක ම පුවත්පත් කලාවේදීහු සිරගත කරනු ලැබ හා පීඩාවට පත් කරනු ලබමින් සිටිති. ශ්‍රී ලංකාවේ ජේ.එස්. තිස්සනායගම් හෝ චීනයේ ෂී තා ඕ සහ හු ජියා වැනි අය මෙම භයානක යථාර්ථයට සංකේතීය උදාහරණ වේ”.
නමුත් ජනපති මහින්ද රාජපක්ෂ එවකට ඔහුගේ ඇමතිවරයෙක්ව සිටි මිල්රෝයි ප්‍රනාන්දුගේ බිරිඳට නියම ව තිබූ මරණ දඬුවම ජනාධිපති සමාවක් යටතේ ඉවත් කිරීමට ජාත්‍යන්තරය ඉල්ලා සිටින තුරු බලා සිටියේ නැත. ඇමතිවරයාගේ අනියම් බිරිය සහ ඇගේ සේවිකාව ඝාතනය කර පුළුස්සා දැමූ වරදට 2005 වසරේ දී මරණ දඬුවම ලද මේරි මොනිකා ප්‍රනාන්දු 2009 වසරේ දී ජනාධිපති සමාවේ නාමයෙන් නිදහස් විය.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article