Friday, September 20, 2024

තැපැල් ඡන්ද සලකුණු කිරීම අද සිට

Must read

පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (13) ආරම්භ වේ.

ඒ අනුව අද දිනයේදී සිය තැපැල් ඡන්ද සලකුනු කිරීම සදහා අවස්ථාව හිමිවන්නේ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කාර්යය මණ්ඩලය සඳහය.එම කාර්යය මණ්ඩලය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල දි අද පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්දය සලකුණු කිරීමට පහසුකම් සලසා දී තිබේ.

හෙට සිට ලබන 21 වන දින දක්වා සතියේ දින තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින වශයෙන් වෙන්වී ඇති අතර

  • රාජ්‍ය ආයතන සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 14 සහ 15 යන දෙදින තුළ සිදුකිරීමට නියමිතය.
  • ආරක්ෂක හමුදා, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද දායකයින්ට ලබන 16 සහ 17 යන දෙදින තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමිවේ.
  • නොවැලැක්විය හැකි හේතුවක් මත ලබා දී ඇති නියමිත දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට 20 සහ 21 යන දිනවල අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ දී ඊට අදාළ පහසුකම් සලසා ගත හැකි වේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article