Tuesday, May 14, 2024

තැන් තැන් වල බස් නවත්වන රියදුරන්ට වැඩ වරදින ලකුණු.

Must read

බස් නැවතුම් ස්ථානයන් හැර වෙනත් ස්ථාන වල බස් රථ නවත්වමින් මගීන් නංවාගැනීම් හා මගීන් බස් රථයෙන් බැස්සීම් කරන අන්තර් පළාත් බස්රථ රියදුන්ගේ මාර්ග බලපත්‍රය අහෝස් කරන ලෙසට ගමනාගමන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ජාතික ගමනාගමන කොමිසමට දැනුම් දී තිබෙනවා.
මේ ආකාරයෙන් හැසිරෙන බස්රථ රියදුරන් හදුනානීමට අදාල ස්ථානයන් වල CCTV කැමරා සවිකරන ලෙසත් අමාත්‍යවරයා අදාල නිලධාරීන්ට උපදෙස් ලබාදී  තිබෙනවා. ඒ අනුව මෙම වැටලීම් ජුලි 1වනදා සිට ක්‍රියාත්මක වනු ඇති. එලෙසම එසේ මාර්ග බලපත්‍ර අහෝසි කල රියදුරන් නැවතත් මාර්ග බලපත්‍ර ලබාගැනීමට පැමිණියහෝත එම බලපත්‍රයන් නැවතත් ලබානොදෙන ලෙසත් ඒ මහතා නිලධාරීන්ට දන්වා ඇති බවයි වාර්ථා වන්නේ.
 bus233
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article