Friday, September 20, 2024

ත්‍රස්ත පනත අවභාවිතාව නවතනු: රැඳවුම්කරුවන්ට නිදහස ලබා දෙනු

Must read

ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිදම්ම හිමියන්ගේ රැඳවුම් නියෝග දීර්ඝ නොකරන ලෙසත් ඔවුන් වහා නිදහස් කරන ලෙසත් අප මහත් ඕනෑකමින් ඉල්ලා සිටිමු.
එසේම මේ වන විට කිසිදු නඩු පැවරීමකින් තොරව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 31 දෙනා ද වහාම නිදහස් වනු දැකීම උතුරේත් දකුණේත් පුරවැසි අපේක්ෂාව වී තිබේ.
ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පාස්කු ප්රහාරය වෙනුවෙන් අත්අඩංගුවට ගත් පිරිසට වහා නඩු පැවරීමටත් මානව හිමිකම් අගයන රටක් ලෙස ශ්රී ලංකා රජයට අත් හැරිය නොහැකි වගකීමක් ඇති බව ද අප අවධාරණයෙන් යුතුව මතක් කර සිටිමු.
මේ වන විට ජාත්යන්තර වශයෙන් ද ත්රස්තවාදය වැළක්වීමේ පනත විරෝධතාකරුවන්ට විරුද්ධව යොදා ගැනීම, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් තොරව ශිෂ්ය ක්රියාකාරීන් රඳවා තබා ගැනීම හා පොලිසිය ආක්රමණකාරී ලෙස මර්දනය ක්රියාත්මක කිරීම ගැන අවදානය යොමුව තිබේ.
මේ හේතුවෙන් රටේ ආර්ථික ප්රතිසංස්කරණ කෙරෙහි ද අයහපත් ප්රතිචාරයක් නිර්මාණය කරන බැවින් ත්රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කිරීම පිළිබඳව රජය නැවත සිතා බැලිය යුතු බව ද අප ප්රකාශ කරමු.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article