Friday, December 27, 2024

ත්‍රස්ත පනතට එරෙහි සටනට මාතරත් එක්වේ – අත්සන් තැබීම මංගලගේ නිවසේ

Must read

දේශපාලන උවමනාවන් සඳහා යොදා ගනු ලබන ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරන ලෙස බලකරන මහජන පෙත්සමට මාතර ජනතාවද ඊයේ

(17) සහය පල කළේය.

දිවංගත මංගල සමරවීර ගේ මාතර නිවසේ දී හා මාතර උයන්වත්ත ක්‍රීඩාංගනය ඉදිරිපිටදී මෙම මහජන පෙත්සම අත්සන් කිරීම සිදුවිය.

මංගල සමරවීරගේ නිවසේ පැවති වැඩසටහන හිටපු ඇමතිවරයාගේ සොයුරිය වූ ජයන්ත ගුණවර්ධන සමරවීර විසින් සංවිධානය කර තිබු අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මංත්‍රී සුමන්තිරන්, ශානික්‍යන් රාසමානික්කම් මෙන්ම ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියේය.

 

ඒ අතර ‘ජස්ටිස් ඔෆ් ඕල්’ සංවිධානය විසින් ඊයේ (17) මාතර දී සංවිධානය කර තිබු වැඩසටහනට, ත්‍රස්තවාදය  වැලැක්වීමේ පනත යටතේ අවුරුදු දෙකකට ආසන්න කාලයක් රැඳවුම් නියෝගමත රඳවා ගෙන සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලහ් සහ ඔහුගේ බිරිඳ ද අත්සන් කළේය.

1979 අංක 48දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ( විශේෂ විදිවිධාන පනත) දශක ගණනාවක් මුළුල්ලේ අහෝසි කරන බවට ව්‍යාජ පොරොන්දු දෙමින් එය හුදෙක් ආණ්ඩු විරෝධීන් දඩයම් කරන ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කළ පනතක් ලෙස අතීතයට වඩා වර්ථමානයේ සාහසික මුහුණුවරක් ගෙන ඇත.

පාර්ලිමේන්තු මංත්‍රී සුමන්තිරන්, ශානික්‍යන් රාසමානික්කම් විසින් අත්සන් කිරීමේ පෙත්සම රැගෙන ඊයේ ගාල්ලේ සිට මාතර දක්වා පැමිණි අතර, ඔවුන් මංගල සමරවීරයන්ගේ නිවසේ සූදානම් කළ තේ පැන් සංග්‍රයට මුලින්ම සහභාගීවූයේ සමරවීරයන්ගේ සහෝදරිය වූ ජයන්ති සමරවීර හා පවුලේ හිතවතුන් කීපදෙනෙක් සමගිනි.

විශේෂයෙන්ම මංගල සමරවීරයන්ගේ හදිසි අභාවය නිසාවෙන් ඔහු වෙනුවෙන් විශේෂ අවසන් ගෞරවය පවුලේ හිතවතුන් සමග බෙදාගැනීම ප්‍රධානව, හිටපු අමාත්‍ය මංගල සමාවීරයන් විසින් ත්‍රස්ත පනත අහෝසි කිරීමෙහිලා කල අවංක කැපවීමට විශේෂ ගෞරවයක් ලෙස ඔහුගේ නිවසේදී සවස 3.30 සිට සවස 4.00දක්වා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට විරුද්ධව අත්සන් තැබීම සිදුකෙරිණ.

https://video.fcmb4-2.fna.fbcdn.net/v/t42.1790-2/275846579_335787028501925_4211880517246433272_n.mp4?_nc_cat=103&ccb=1-5&_nc_sid=985c63&efg=eyJybHIiOjQzNywicmxhIjo1MTIsInZlbmNvZGVfdGFnIjoic3ZlX3NkIn0%3D&_nc_ohc=r0nxD664aHoAX8YAl9b&rl=437&vabr=243&_nc_ht=video.fcmb4-2.fna&edm=AGo2L-IEAAAA&oh=00_AT-IJxffPM5CSkdF1x_cxpDK3y34eM6drbMm8zfK5o9m7g&oe=62349193

ඊයේ  ( 17 ) දින සවස 4.00 සිට 5.00 දක්වා කාළය තුළ මාතර උයන්වත්ත ක්‍රීඩාංගනය ඉදිරිපිට පැවති අත්සන් ලබාගැනීමේ වැඩසටහන අතිසාර්ථකව සිදුවූ අතර ඒ සඳහා විශාල ජන සහභාගීත්වයක් දක්නට ලැබුණි.

එහිදී විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්‍යන් රාසමානික්කම් හා සුමන්තිරන් විසින් ත්‍රස්ත පනත අවභාවිතා කරමින් සිදුකරන සිරගත කිරීම් පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූහා.

එම අවස්ථාවට එක්ව සිටි එක්සත් සමජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජජයසූරිය, ආණ්ඩුව ත්‍රස්ත පනත භාවිතා කරමින් ආණ්ඩුවට යම් තර්ජනයක්වන පුද්ගලයන් හා ජනමාධ්‍යවේදින් මර්ධනය කිරීම සම්බන්ධයෙන් දැඩි විවේචනයත් විරෝධයත් පළ කළේය.

එමෙන්ම විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මංත්‍රී  එරාන් වික්‍රමරත්න අදහස් දැක්විය.

 අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, බුද්ධික පතිරණ, චතුර ගලප්පත්ති, රෙහාන් ජයවික්‍රම ඇතුලු පිරිසක් හා සිවිල් ක්‍රියාකාරීන් ලෙස විශ්‍රාමික විදුලි ඉංජිනේරු අජිත් මුණසිංහ, වෛද්‍ය ප්‍රසාද් මොහොට්ටි ඇතුලු විශාල ජන සහභාගීත්වයකින් ඉතා උද්‍යෝගයෙන් අත්සන් එකතුකිරීමේ ව්‍යාපාරය සාර්ථකව අවසන් විය.

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමේදී සහාය දැක්වූ දකුණේ ප්‍රභල පිරිස් කීපයක් ද මෙම අවස්ථාවට එක්ව සිටියේය. අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ ලේකම්වරයෙක් ලෙස කටයුතු කල දැනට ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටින උදය හිත්තැටියගේ ද ඒ අතරවිය.

පෙබරවාරි මුල් සතියේදී මුලතිව් මාධ්‍ය සමාජයෙන් ඇරඹි මෙම මහජන පෙත්සම අත්සන් කිරීම කිලිනොච්චිය, වව්නියාව, යාපනය, ත්‍රිකුණාමලය, කොළඹ, මන්නාරම, මීගමුව, මඩකලපුව හා ත්‍රිකුණාමලය යන ස්ථාන වලදී ද පැවැතියේ විශාල ජන සහභාගිත්වයකිනි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම වෙනුවෙන් ඔබේ නගරයේ ද මෙවැනි වැඩසටහන් සංවිධානය කරමින් මෙම ජාතික මෙහෙවරට දායක වන්න.

 

1277495 188255701358196 475172200 o

සුමුදු මද්දුමආරච්චි
වේරගම්පිට, මාතර.
lyricsdsl7@gmail.com


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article