මන්නාරමේ තලෙයිමන්නාරම ගම්මානයේදී ඊයේ (15) රාත්‍රියේ 10 හැවිරිදි දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් හේතුවෙන් එම ප්‍රෙද්ශයේ මහත් ආන්දෝලනයකට ඇතිවී තිබේ.
මෙම දැරිවියව ඝාතනය කළ බවට දැනට සැක කරනු ලබන්නේ එම ප්‍රෙද්ශයේ ගෙවත්තක් නඩත්තු කිරීමට කුලියට ගත් පුද්ගලයෙකු වේ.
මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර සැමියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටි බැවින් බිරිඳ වෙන්වී ඇත. මේ හේතුවෙන් මියගිය දැරිවියගේ මිත්තනිය සැකකරුට ආහාර ලබා දෙමින් ඔවුන් සමඟ සුහදව සිට ඇත.
මෙම සැකකරු තමුන්ට ආහාර සපයන කාන්තාවගේ මිනිබිරිය වන ඉහත කී දැරියව ඊයේ සවස වෙළෙඳසලට රැගෙන ගොස් ඇති බව ප්‍රෙද්ශවාසින් පවසයි. අසළ තිබූ සීසීටීවී කැමරා ආධාරයෙන් සහ ගම්වාසීන්ගේ සහය ඇතිව ඉහත සෝදිසි කිරීම්වලදී අද අලුයම දැරියගේ සිරුර ගොඩ ගෙන ඇති අතර සැකකරු ද අත්අඩංගුවට ගෙන ඇත.
තලෙයිමන්නාරම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
එස්.ආර්.ලැම්බර්ට්