Sunday, June 23, 2024

තම පඩි වැඩි කරන්නැයි “නාට්ටාමිවරු” උද්ඝෝෂණයක

Must read

කොළඹ කොටුව ප්‍රදේශයේ භාණ්ඩ ප්‍රවාහණය කිරීමේ කටයුතු සිදුකරන කම්කරුවන් වන නාට්ටාමිවරුන් විසින් තමන්ගේ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නිරත වන බව සීලෝන් ටුඩේ පුවත්පත වාර්තා කර සිටියි. ඔවුන් පවසන්නේ මේ වන විට ඔවුන්ට හිමිවන මුදල සිය ජීවන වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බවයි.

ඒ හේතුවෙන් සිය වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමින් ඔවුන් ඊයේ(22) උදෑසන සිට සිය රැකියා වලින් ඉවත් ඇති බවද වාර්තා වෙයි.

ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ භාණ්ඩ පැටවීම හා බෑම සදහා මේ වන විට ගෙවන රු.6 , රු.7 වැනි මුදල රුපියල් 15ක් දක්වා ඉහළ දැමිය යුතු බවයි. එමෙන්ම දිවා ආහාරය සදහා රුපියල් 250ක මුදලක් තමන්ට ලබාදෙන ලෙසද මෙම නාට්ටාමිවරුන් ඉල්ලා සිටින බව සිලොන් ටුඩේ වාර්තා සදහන් කරයි. භාණ්ඩ පැටවීම හා බෑම සදහා රුපියල් 15ක මුදලක් ලබා දෙනෙ තෙක් තමන් විසින් නැවතත් භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදුනොකරන බවද නාට්ටාමිවරුන් පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article