Wednesday, January 22, 2025

තද වැසි සහ තද සුළං ! මැදගම බඩල්කුඹුර ප්‍රදේශයේ ගොඩනැගිලි රැසකටත් හානි

Must read

තද වැසි සහ තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.

එය අද (08) උදෑසන 9.30 සිට හෙට (09) උදෑසන 9.30 දක්වා බලපැවැත්වේ.

ඒ අනුව උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් සඳහා එම නිවේදනය අදාළ වේ.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වී ඇති “මැන්ඩවුස්” සුළි කුණාටුව බටහිරට බරව වයඹ දෙසටය ගමන්කර හෙට රාත්‍රී කාලයේ නිරිතදිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්ණාඩු, පුදුවේරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශවලට ගමන් කිරීමට ඉඩ ඇත.

මේ හේතුවෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, ඇතැම් ස්ථානවල මි.මී 100 ඉක්මවු වැසි ඇති වේ.

උතුරු, උතුරුමැද,නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැ.කි.මි 60 – 70 පමණ තද සුළං ඇති විය හැකිය.

මේ අතර අප ප්‍රාදේශිය වාර්තාකරුවන් පවසා සිටියේ මොණරාගල දිස්ත්රික්කයේ මැදගම හා බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට දැඩි සුළි සුළං තත්ත්වයක් ඇතිවී ඇතැයි මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රවීන්ද්‍ර කුමාර මහතා පවසන බවය.
ඊයේ අලුයම සිට ඇතිවූ මෙම තද සුළි සුළං තත්ත්වය හේතුවෙන් මැදගම ප්‍රදේශයේ ගොඩනැගිලි රැසකට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර පාසල් කිහිපයක් ද වසා දමා ඇතැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය..
.ගස් කඩා වැටීම හේතුවෙන් විදුලි බලයද විසනදි වී ඇති අතර මාර්ග රැසක ගමනාගමන කටයුතු ද අඩාල වී තිබේ….
සුළං තත්ත්වය පවතින අවස්ථාවල ආරක්ෂිත ස්ථානවලට වී සිටින්නැයි ඒ මහතා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටී

ඉන්දික ගුරුසිංහ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article