Friday, November 22, 2024

ණය බර නිසා මඩකලපුවේ තවත් මවක් දිවිනසාගනියි

Must read

පසුගිය 28 වැනිදා මඩකලපුවේ කරදියනාරු හී පදිංචි දෙදරු මවක් සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ. මාස 08කට පමණ පෙර ඇයගේ සැමියා ඇයව හැරගොස් ඇති අතර ඒ වනවිට ඔහු ණය පදනමට ලබාගෙන තිබූ යතුරුපැදියට ණය හා පොලි ගෙවාගත නොහැකි තත්ත්වයක් උදාවී තිබී ඇත.ඉන්පසුව දරු දෙදෙනාත් සමග ඇය සිය සහෝදරියකගේ නිවසේ පදිංචියට ගොස් සිට ඇත. මෙම කාන්තාවට විවාහයේ ලැබෙන ස්වර්ණාභරණද උගස්කර ණය ලබාගෙන ඇති අතර ඇය සය හැවිරිදි දියණයක් හා මාස 15ක පිරිමි දරුවෙකුගේ මවකි. සැමියා හැරගිය පසු  මෙම දරුවන් දෙදෙනො  සමඟ තනිව සිටීමට නොහැකි වීම නිසා  පසුගිය සති දෙකක කාලය තුළ මානසික අවපීඩනයෙන් පෙළුණු බවත්, දෙමව්පියන් සමඟ අසල සහෝදරියකගේ නිවසේ වාසය කළ බවත් කිසිවෙකු සමඟ කතා නොකරන බවත් දෙමාපියන් මාධ්‍ය වෙත පවසා තිබේ.
යතුරු පැදිය සදහා වි ඇති ලක්ෂ දෙකක ණය මුදල ගෙවීමට නොහැකි නිසා සිය පුරුෂයා ඇයව හැරගොස් ඇති අතර මෙම ණය බර නිසා ඇය මානසික පීඩනයකට ලක්වී ඇත. සිද්දිය සිදුවූ දින උදේ අත දරුවා සමග ස්නානය කර නිදාගැනීමට කාමරයට ගොස් ඇති අතර කාමරයේ යකඩ කම්බියක රෙදි කඩකින් බෙල්ලේ වැල දාගෙන ඇති බව ඥාතීන් පවසති.  
ඡායාරුප උපුටාගැනීම – Rednathurai Haran

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article