Monday, April 29, 2024

ඩොලර් හිගය නිසා තානාපති කාර්යාල කිහිපයක් වසා දැමේ

Must read

ඩොලර් හිගය හේතුවෙන් විදේශ තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇති බව අද වෙබ් අඩවිය වාර්තා කරයි.

ඒ අනුව ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි ශ්‍රී ලංකා තනාපති කාර්යාලය , නොර්වේ ඔස්ලෝහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි කොන්සල් කාර්යාලය ලබන 31 වනාද සිට වසා දැමීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ.

මෙලෙස තානාපති කාර්යාල වසා දැමීමත් සමග ඉරාකය සම රාජතාන්ත්‍රික කටයුතු පවත්වාගෙන යාම ඩුබායි හි පිහිටි කොන්සල් ජනරල් කාර්යාලයටත් , නොර්වේ සමග රාජතාන්ත්‍රික කටයුතු පවත්වාගෙන යාව ස්වීඩනයේ ස්ටොක්හෝල්ම් හි පිහි කොනස්ල් ජනරල් කාර්යාලයටත් , සිඩ්නි නුවර කොන්සල් කාර්යාලයේ කටයුතු ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි පිහිටි කොන්සල් ජනරල් කාර්යාලයටත් පැවරීමට තීරණය කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article