Sunday, November 24, 2024

ඩෙල්ටා ප්‍රභේදයේ වැඩි බලපෑම් ඇත්තේ තරුණ අයටයි

Must read

 

මුලින්ම ඉන්දියාවෙන් සොයාගන්නා ලද B. 1.617.2 නමැති කොරෝනා වයිරස ප්‍රභේදය හෙවත් ඩෙල්ටා ප්‍රභේදයට වේගයෙන් පැතිරීමට ඇති හැකියාව නිසා මෙම ප්‍රභේදය ලොව ප්‍රධානම වයිරස ප්‍රභේදය බවට පත්වෙමින් සිටින බව පසුගියදා ජිනීවාහිදී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය වන සෞම්‍යා ස්වාමිනාදන් ප්‍රකාශ කර තිබිණි.

මේ නිසා මෙම ප්‍රභේදය සම්බන්ධයෙන් මේ වනවිට ලොව පුරා විශාල අවධානයක් යොමු වෙමින් ඇති අතර මෙවැනි නව ප්‍රභේද නිසා එන්නත්වලටද සාර්ථකත්වයටද  විශාල අභියෝගයක් එල්ල වී තිබේ. එයට හේතු වී ඇත්තේ ඇතැම් එන්නත් මගින් මෙම නව ප්‍රභේද පාලනයට අපහසු වීමයි.

මෙම ඩෙල්ටා ප්‍රභේදය පසුගියදා මෙරට සමාජයෙන්ද වාර්තා වූ අතර මේ වන විට ඇති තොරතුරු වලට අනුව මෙම ප්‍රභේදයේ වැඩි බලපෑම් ඇත්තේ තරුණ වියේ පසුවන්නන්ට බවද සොයාගෙන ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article