කොවිඩ් වසංගතය පාලනය සඳහා මුලින්ම ලබාදුන් ඇස්ට්‍රසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව මෙතෙක් ලබා නොදීම නිසා මේ වනවිට වේගයෙන් පැතිරී යන ඩෙල්ටා ප්‍රභේදය හමුවේ බරපතල අවධානමකට ලක්වී ඇති බව අකාරය ගැන පුළුල් කථා බහක් පසුගිය කාලය පුරාම සිදුවිවෙමින් තිබුණි.
එම එන්නත් මාත්‍රාව මුල් වටයේදී ජන ගහණයෙන් ලක්ෂ 06කට ලබාදෙන ලද අතර ඉන් මාස 04ක් ඉක්මවා ගොස් ඇති තැන මේ වනවිටත් දෙවෙනි මාත්‍රාව ලබාදී නැත. ආණ්ඩුව මෙම වගකීමෙන් බේරීම සඳහා මේ දක්වා විවිධ කරුණු දක්වා තිබෙන මනුත් මෙම පිරිසගේ ජීවිත අවදානම අවම කිරීම සඳහා කිසිඳු ක්‍රියාමාර්ගයක් අනුගමණය නොකළේය.
ඇස්ට්‍රසෙනිකා එන්නත වෙනුවට එවැනි වෙනත් එන්නත් ආදේශක වශයෙන් ලබාදීම යෝග්‍ය බව ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු සහ ඉහළ නිලධාරීන් වරින් වර ප්‍රකාශ කර තිබිණි. එසේ ප්‍රකාශ කරමින් කල් මැරීම නිසා මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය හමුවේ බරපතල තත්වයක් ඇතිවී තිබේ.
මෙරට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින්ට අස්වැසිල්ලක් ලබා දෙමින් එම එන්නත් මාත්‍රා තොගයක් ලබන සෙනසුරාදා දිවයිනට පැමිණීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460ක් ලබන සෙනසුරාදා ශ්‍රී ලංකාවට ලැබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටින අතර එහිදී ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව ලැබීමට නියමිත 490,000ක් දෙනා සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසා තිබේ.
දැනටමත් වයස්ගත විශාල ප්‍රමාණයක් දිනපතා මිය යමින් තිබෙන පසුබිමක විධිමත් ආකාරයෙන් මේ ඇස්ට්‍රසෙනිකා එන්නත ප්‍රමුඛතා පදනම් කොට ගෙන ලබාදිමට සෞඛ්‍ය බලධාරින් පියවර ගන්නේද යන්න පවා සැබැවින්ම තවමත් සැක සහිතය.