Friday, May 17, 2024

ඩෙන්මාර්කයෙන් හා එක්සත් රාජධානයෙන් හදුනාගත් කොවිඩ්19 ප්‍රභේද ආසාදිත පුද්ගලයන් කිහිපදෙනෙකු මෙරටින් හදුනාගැනේ

Must read

ඩෙන්මාර්කයෙන් හා එක්සත් රාජධානියේ වාර්තා වූ COVID-19 ප්‍රභේද දෙකද මේ වන විට ශ්‍රී ලංකාවෙන් අනාවරණය වී තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ චන්දිම ජීවන්දර මහතා සදහන් කර සිටියේ ඩෙන්මාර්කයෙන් හදුනාගත් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් තිදෙනෙකු කොළඹ ප්‍රදේශයෙන් හදුනාගෙන ඇති බවයි.
මේ අතර, කටාර් සිට ආපසු පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් දකුණු අප්‍රිකාවෙන් හදුනාගත් කොවිඩ් ප්‍රභේදය වන  B.1.351 හදුනාගෙන ඇත.
එක්සත් රාජධානියෙන් වාර්තා වන ප්‍රභේදය වන බී .1.1.7  ආසාදනය වී ඇති පුද්ගලයින් හත් දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් හය දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වී ඇත.ඉතිරි ආසාදිත පුද්ගලයා නීතිවිරෝධී භාණ්ඩ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මුහුදේදී අත්අඩංගුවට ගත් ධීවරයෙකු ලෙස හඳුනාගෙන ඇත.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article