Sunday, June 30, 2024

ඩෙංගු අවදානම වැඩි වෙයි ! – මහජන අවධානය අත්‍යවශ්‍යයි

Must read

messenger sharing button
ගංවතුර තත්වය පහව ගිය පසු සහ වර්ෂාව මධ්‍යයේ ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය අතිශය තීව්‍ර හා අවදානම් මට්ටමකට

වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමය අවධාරණය  කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වාර්තා අනුව වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

දිවයිනෙන් වාර්තාවන සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර ඒ අතරින්ද වැඩිම රෝගීන් පිරිසක් කොළඹ නාගරික බල ප්‍රදේශයෙන් බව එම සංගමය පවසයි.

එම දත්ත අනුව  ගම්පහ , කලුතර , මහනුවර , රත්නපුර , කුරුණෑගල , ගාල්ල ආදී ප්‍රදේශ ඩෙංගු ව්‍යාප්තිය සුලබ ප්‍රදේශ ලෙස මේ වන විට හදුනා ගෙන ඇති  බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මෙම අවදානම් සහගත තත්වය හමුවේ ඩෙංගු රෝග මර්දන කටයුතු කෙරෙහි මහජන අවධානය මෙන්ම සහාය අත්‍යවශ්‍ය බවයි ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ  සංගමය අවධාරණය කරන්නේ.

සීග්‍රයෙන් ඩෙංගු පැතිරීයාම පාලනය  කර නොගතහොත් තවත් මාස කිහිපයක් ඇතුලත ශ්‍රී ලංකාවේ ඩෙංගු වසංගත තත්වයක් දක්වා වර්ධනය වීමේ ලකුණු පහල වී ඇතැයි එම සංගමය නිකුත් කළ නිවේදනයෙන් අනතුරු අඟවා තිබේ.

“ඩෙංගු  ආසාදනයෙන් පසුව ඇතිවන  බාහිර රෝග ලක්ෂණ  පුළුල් පරාසයක විහිදෙයි.එහෙත් සැලකිලිමත් විය යුතු  කරුණ වන්නේ  සමහර පුද්ගලයින්ට කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වීමයි.එසේම සමහරුන්ට ඩෙංගු ආසාදනය සාමාන්‍ය වෛරස ආසාදන තත්වයක්  සේ පෙන්නුම් කරයි. එහෙත් ඩෙංගු ආසාදනයේ  ප්‍රධාන බාහිර රෝග ලක්ෂණ  නිවැරදිව දැන සිටීම වැදගත්‍ ය. එක් වරම ඇතිවන තද උණ ,තදින් හිසරදය ඇතිවීම හා ඒ සමගම ඇස පිටුපස ප්‍රදේශයේ වේදනාව,සිරුරේ හන්දිවල මෙන්ම මාංශපේශි වල වේදනාව ,ප්‍රධාන රෝග ලක්ෂණ වේ. සමහර පුද්ගලයින් ගේ  රතු පාටට විහිදුනු සමේ මතුවන දද හා ඇතැම්විට  විදුරුමස්,නාසය ,ශ්ලේෂ්මල පටල හා සමෙන් ලේ ගැලීමද  දැකිය හැකිවේ.”

කුඩා දරුවන් කෙරෙහි මේ දිනවල විශේෂ විමසිල්ලෙන් පසුවීමත් ,දරුවන්ට  මෙන්ම වැඩිහිටියන් ටද  උණ පවතී නම් ආරම්භයේ සිටම සිරුර වෙහෙසවන කටයුතු වලින් වැලකී විවේකයෙන්  සිටීමත්  අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් නිවේදනය කරයි

theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article