Tuesday, September 15, 2026
spot_img

ඩීල්වලට මන්ත්‍රීවරු බිලී බෑම ඇරඹෙයි ! ලංසුව ඩොලර් මිලියන 2යි ! ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ !

Must read

675582-bribery-caseජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ යටිකූට්ටු උපක්‍රම දැන් දැන් කරළියට පැමිණෙමින් තිබේ. ඊයේ පස්වරුවේ භාග ඇමති මණ්ඩලය දිවුරුම් දුන් පසු ඉතිරි භාගය සඳහා මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමට ඇමෙරිකානු ඩොලර්වලින් අත යට ගනුදෙනු සිදු වන බව වාර්තා වේ. අප්‍රිකාවේ මැන්ඩෙලා විකුණා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන උදම් ඇනූ ජනාධිපතිවරයා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තක්කඩි ලෙස උල්ලංඝනය කරමින් සිටියි. මේ මොහොතේ පවතින ගැටලුව වන්නේ අගමැති කවුද? ඇමතිවරු කවුද යන්න නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නින්දිත ලෙස උල්ලංඝනය කිරීමට ජනාධිපතිවරයාට ඇති අයිතිය කුමක්ද යන්නයි. බහුතරය සොයා ගැනීමට සති දෙකක් තබා පාර්ලිමේන්තුව කල් තැබීම, ගහෙන් ගෙඩි එන්නා සේ අගමැතිවරයෙක් පත් කිරීම හා පැය 24ක් යාමටත් කළින් රාජ්‍ය මාධ්‍ය ආයතන හා එහි සේවකයන්ට අඩන්තේට්ටම් කිරීම සිරිසේන ජනාධිපතිගේ ප්‍රජාතන්ත්‍රවාදයේ හෙළුව මනාව පෙන්නුම් කරන්නේය. දැන් රටේ තිබෙන්නේ දේශපාලන අර්බුදයක් නොවේ. රටේ තිබෙන්නේ ව්‍යවස්ථාමය අර්බුදයකි. ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හොළා සිරිසේන ජනාධිපති ප්‍රමුඛ ඊනියා භාග කැබිනට් මණ්ඩලය මේ සිදු කරන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය යළි යළිත් දූෂණය කිරීමක් නොවේද යන්න කල්පනා කළ යුතුව තිබේ.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article