Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

ටෙලෝ සහය සජිත්ට

Must read

දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) පක්ෂය නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සිය සහයෝගය කොන්දේසි විරහිතව ලබාදීමට තීරණය කළ බව පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පවසයි.
මේ බව එම පක්ෂයේ නායක අඩෙක්කලනාදන් මහතා විසින් අද (07) උදෑසන මාධ්‍ය  නිවේදනයක්  නිකුත් කරමින් සදහන් කර සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා දෙමළ ජනාතාවගේ ගැටළුවලට සාධාරණ විසදුමක් ලබා ගැනීමට හැකියාවක් පවතින බවට තම පක්ෂය විසින් තීරණය කල බවත් ඒ අනුව පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය අනුව ඒකමතිකව මෙම තීරණය ගත් බවත් අඩෙක්කනාදන් මහතා සඳහන්කර සිටියේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article