Friday, September 20, 2024

ජුනි 20 මැතිවරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම අද ඇරඹේ

Must read

ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ සලකා බැලීම අද (18) හා හෙට (19) දෙදින තුල සිදුවේ.

මෙම පෙත්සම සලකා බලන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ න පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේදීය.

කුමාර වෙල්ගම, රංජිත් මද්දුම බණ්ඩාර, පාඨලි චම්පික රණවක, නීතීඥ චරිත ගුණවර්ධන ඇතුළු පිරිස විසින් ගොනුකර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු පාර්ශව රැසක් නම් කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article