ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් යුරෝපා සංගමය දෙවතාවකදී නිවේදන නිකුත් කළ අතර එක්සත් රාජධානි පාර්ලිමේන්තුවේදී ද ඒ සම්බන්ධයෙන් සංවාදයක් ඇති විය.ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නැයි ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරමින් පාර්ලිමේන්තුව කැඳවා අග්‍රාමාත්‍යවරයා කවුරුදැයි තීරණය කිරීමට මහජන නියෝජිතයන්ට ඉඩ දෙන්නැයි ද යුරෝපා සංගමය එම දෙවතාවේදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටියේය.මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමත් සමඟ ජාතික සංහිඳියාව (ප්‍රතිසන්ධානය) සම්බන්ධයෙන් මෙතෙක් ගත් පියවර සහ ක්‍රියාමාර්ග අඩපණ වීමේ අවදානමක් ඇතැයි යනුවෙන් යුරෝපා සංගමය තුළ යම් කනස්සලක් ඇති වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.