Friday, September 20, 2024

ජාතික ආරක්ෂාව ගැන කියමින් බලයට පැමිණි රාජපක්ෂලා එම වගකීම එහෙම පිටින්ම පැහැර හැරලා !

Must read

පසුගිය දිනෙක ලීසිං සමාගමක මැරයන්ගේ පහර දීම නිසා මරණයට පත්වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික වෘත්තීය ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ අවමංගල්‍යය කටයුතු මේ ඉරුදින සිදුකිරිමට නියමිතය.
රජය විසින් ලබාදෙනවා යැයි පැවසූ ලීසින් සහන ක්‍රියාත්මක නොකරන ලීසං සමාගම් වලට එරෙහිව තම සහෘද ත්‍රීරෝධ රථ වෘත්තිකයන් වෙනුවෙන් සුනිල් සැබෑ හඬක් නැගී ය. .
තම සහෝදර වෘත්තිකයන් වෙනුවෙන් ඔහු මේ සටන අතට ගත්තේ රජය ඔවුන් වෙනුවෙන් පෙනී නොසිටින බව පසක් වූ හෙයිනි.

මේ ම්ලේච්ඡ ඝාතනය යුක්තිය අගයන සැමගේ දැඩි විවේචනයට ලක්විය..

ඝාතනයට ලක්වු සුනිල් ජයවර්ධන මහතාගේ නිවසට ගොස් සිටි හිටපු ඇමති විජත් විජයමුණි  රාජපක්ෂ රජයේ ආරාජිකත්වය ගැන මාධ්‍ය හමුවේ කරුණු අවධාරණය කර තිබුණි.

“රජයක මූලික වගකීම වන්නේ තමන්ගේ ජනතාව ආරක්ෂා කිරීමට බවත් ජාතික ආරක්ෂාව ගැන පාරම් බාමින් 69 ලක්ෂයක් ඡන්දය ලබා ගෙන බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ මේ ආණ්ඩුව එම වගකීම එහෙම් පිටින්ම මඟ හැර ඇති බව මේ ප්‍රවේශයෙන් පෙනීයන බවත්, මහමග මිනිහෙකුට පහර දීලා දෙනෝදාහක් බලා ඉන්දැද්දි මරලා දාන්න පුළුවන් නම් ජාතික ආරක්ෂාව ගැන කවර කතාද,
මේ දේ හෙට ඔබට,මට වෙන්න පුළුවන්, ඉතින් අපි මේ ජාතික ආරක්ෂාව භාර දීපු අයවලුන් මේක වගකීම් ඉටු කරනවාද කියන සැකය අපිට තියෙනවා,
ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලන්නේ ඔබේ ආරක්ෂාව ඔබම සකසා ගත යුතු ආණ්ඩුවක් තවදුරටත් පවත්වාගත යුතු නැද්ද කියන එක ඔබම තීරණය කළ යුතු බවයි.
එමෙන්ම වැඩිදුරටත් අදහස් පලකරමින් මා කියා සිටියේ නීති පැනවීම පෞද්ගලික අංශයට සිදුකලද රජය විසින් එම පැනවූ නීති ක්‍රියාත්මක කරවන යාන්ත්‍රණය කාර්යක්ෂම කර නැති බවත්ය.”

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article