අභ්‍යවකාශයේ සැරිසරන “ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය” පියවි ඇසින් බැලීමේ අවස්ථාව ශ්‍රී ලංකා වාසීන්ට අද (14) සවස් කාලයේදී උදාවන බව වාර්තා වෙයි. මේ බව ඉතාලි ජාතික අභ්‍යවකාශගාමී “ඉග්නේසීයෝ මැග්නානි“ නිකුත්කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.
ඒ අනුව අද (14) සවස 6.44ට අහස වලාකුළුවලින් තොරව තිබුණහොත් මෙරට වැසියන්ට “ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය” පියවි ඇසින් බැලීමේ අවස්ථාව හිමිවනු ඇත.