Sunday, September 22, 2024

ජනාධිපති හංගන් ඉන්න කොමිසම් සභා වාර්තා 34 මෙන්න.

Must read

9936d939aef272e91719d8fca1343840_Lජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ‘ ජනාධිපති බැඳුම්කර කොමිසම් සභා’ වාර්තාවේ නිර්දේශයන් හා තොරතුරු සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කිරීමක් කරනු ලැබූවට මීට පෙර ජනාධිපතිවරයා වෙත ලබා දී තිබූ ‘ බරපතල දූෂණ හා රාජ්‍ය සම්පත් අවභාවිතය කිරීම විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව’ විසින් විමර්ශන අවසන් කළ සිදුවීම් 34 ක වාර්තා කිසිවක් සම්බන්ධයෙන් මීක් නොකිව්වේය.

බැඳුම්කර කොමිසම් සභා වාර්තාව මෙන්ම මෙම වාර්තා 34 ද වහාම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස එජාපයේ හා ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගෙන් මේ වන විට ජනාධිපතිවරයා වෙත දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබේ.. ලබන 17 වන දින බැඳුම්කර කොමිසම් සභා වාර්තාව පාර්ලිමෙන්තුවේ සභා ගත කරන බව ජනාධිපති ලේකම් වරයා අද දින කතානායක වරයාට දැනුම් දී තිබිනි..එහෙත් අනෙකුත් වාර්තා තමන් සතුව නැති කතාවක්ද සඳහන් කර ඇත.

රාජපක්ෂ පාලන සමයේ සිදුවූ බරපතල දූෂණ හා රාජ්‍ය සම්පත් අවභාවිතය කිරීමේ  මෙම සිදුවීම් 34 හි විමර්ශන අවසන් කොට ජනාධිපතිවරයාට ලබාදී ඇතත් ඊට අදාළ නීති ක්‍රියාමාර්ග ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇත්තේ එයින් 5ක් පමණකි.

දුෂිතයන් සම්බන්ධව තොරතුරු ඇතුළත් ලිපිගොනු ජනාධිපතිවරයා සන්තකයේ තබාගෙන සිටීම යහපාලන මුලධර්මයක් නොව මහින්ද රාජපක්ෂ ෆයිල් ළඟ තබාගෙන කළ ජඩ මූලධර්මය අනුගමනය කිරීමකි.

මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති විමර්ශන වාර්තා 5 මෙසේය.

1. මීගමුව කලපුව සංවර්ධනය කිරීම වෙනුවෙන් වූ මුදල් අවභාවිත කිරීම. මෙහි චෝදනා ලබා ඇති පාර්ශවය වන්නේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු පිරිසකි.

2. මහියංගනය ප්‍රාදේශීය සභාවේ කඩ කාමර බෙදාදීම,ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකිරීම සහ මුදල් ලබා ගැනීම ඇතුළු චෝදනා පිළිබඳ විමර්ශනය. මෙහි චෝදනා ලබා සිටින්නේ ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍ය රවීන්ද්‍ර අනුර විදානගමගේ ඇතුළු පිරිසකි.

3. ස්වාධීන රූපවාහිනී සේවයේ සාමාන්‍යාධිකාරී විසින් සිදුකර ඇති මුල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය. මෙහි එහි හිටපු සභාපති අනුර සිරිවර්ධන ඇතුළු තවත් පස්දෙනෙකුද නම්කර ඇත.

4. ‘රක්නා ආරක්ෂක ලංකා’ පෞද්ගලික සමාගමේ දුෂණ ක්‍රියා සම්බන්ධ විමර්ශන වාර්තාව. මෙහි චෝදනා ලබා සිටින්නේ එහි හිටපු අධ්‍යක්‍ෂ මේජර් ජනරාල් කේ.බී.එගොඩවෙල ඇතුළු පිරිසක්ය.

5. හලාවත වැවිලි සමාගමේ සිදුව ඇති මුල්‍ය අක්‍රමිකතා සහ වංචා සම්බන්ධ විමර්ශනය. මීට අදාලව හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර ඇතුළු තවත් නවදෙනෙකු නම් කර ඇත.

සඟවාගෙන ඇති විමර්ශන වාර්තා 29

6. ආරක්ෂක අමාත්‍යංශය සඳහා පුපුරන ද්‍රව්‍ය කල් ඉකුත්වූ ඒවා වීම සහ ඊට අදාළ ප්‍රසම්පාදන නිසිලෙස සිදුනොකිරීම. මෙහි චෝදනා ලබා සිටින්නේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න ඇතුළු තවත් තිදෙනෙකුය.

7. අම්පාර හී පැවති දැයට කිරුළ ප්‍රදර්ශනය සමයේ සිදුකල දුෂණ සහ වංචා සම්බන්ධව අම්පාර නගරසභාවේ හිටපු සභාපති ඇතුළු තවත් හය දෙනෙකුට එරෙහි විමර්ශනය.

8. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනයේ සිදුවූ වංචා සහ දුෂණ පිළිබඳ විමර්ශනය. මීට අදාලව හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන ඇතුළු තවත් සිව්දෙනෙක් නම්කර ඇත.

9. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ දුෂණ ක්‍රියා සම්බන්ධ විමර්ශන වාර්තාව. හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න ඇතුළු තවත් සිව්දෙනෙක් මීට අදාලව නම් කර ඇත.

10. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ දුෂණ ක්‍රියා සම්බන්ධව විමර්ශන වාර්තාව. මෙහි නැව් සංස්ථාවේ හිටපු සභාපති සංජය සේදර සෙනරත් ඇතුළු තවත් සිව්දෙනෙකු නම්කර ඇත.

11. දුෂණ ක්‍රියා සහ මුල්‍ය වංචා, දේපළ අවභාවිතය ඇතුළු චෝදනා රැසක් සම්බන්ධව උතුරු මැද පළාත් සභාවට අදාළ විමර්ශන වාර්තාව. මෙහි චෝදනා ලබා සිටින්නේ උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් ඇතුළු හත්දෙනෙකි.

12. ලුනුවිල පොල් පර්යේෂණ ආයතනයේ සිදුවූ දුෂණ සහ වංචා සම්බන්ධ විමර්ශනය. එච්. ඒ. ජයන්ත ගුණතිලක ඇතුළු තවත් තිදෙනෙක් මීට අදාලව නම් කර ඇත.

13. උතුරු මැද පළාතේ ජල පෙරන මිලදී ගැනීමේදී ටෙන්ඩර් අක්‍රමිකතා සිදුකිරීම පිළිබඳ විමර්ශනය. මීට අදාලව එච්.ඒ. උපුල් සුසන්ත වික්‍රමරත්න ඇතුළු තවත් දහහතර දෙනෙක් නම්කර ඇත.

14. හම්බන්තොට වරාය විවෘත කිරීම සම්බන්ධ විමර්ශනය. මීට අදාලව වරායේ හිටපු සභාපති ප්‍රියත්බන්දු වික්‍රමුනිගේ ඇතුළු තවත් අට දෙනෙකු නම් කර ඇත.

15. මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග ආශ්‍රිත දුෂණ විමර්ශනය. මේ සඳහා එහි හිටපු අධ්‍යක්ෂ ආර්.එම්. ගාමිණී ඇතුළු තවත් පස් දෙනෙකු නම් කර ඇත.

16. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙළිකොප්ටර් අවභාවිතය පිළිබඳ විමර්ශනය. මෙහි චෝදනා ලබා සිටින්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු තවත් නවදෙනෙකුය.

17. දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නාවලපිටියේ පිහිටි දේපළ අවභාවිතය සම්බන්ධ විමර්ශනය. මෙහි චෝදනා ලබා සිටින්නේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු තවත් සිව්දෙනෙකුය.

18. ටෙන්ඩර් පටිපාටියකින් තොරව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සිදුකල විෂබීජ නාශක සහ සබන් මිලදී ගැනීම සම්බන්ධ විමර්ශනය. මීට අදාලව මහාචාර්ය ශාන්තිලාල් දේවප්‍රිය ඇතුළු තවත් පස්දෙනෙකු නම් කර ඇත.

19. ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී ඩී. එම්.ගුණසේකර සම්බන්ධ දුෂණ පිළිබඳ විමර්ශනය. මීට අදාලව එම්.කේ.ඩී. බන්දුසේන ඇතුළු තවත් හයදෙනෙකු නම් කර ඇත.

20. නිවාස සංවර්ධන අධිකාරියේ සිදුව ඇති අවභාවිතයන් සහ දුෂණ පිළිබඳ විමර්ශනය. මීට අදාලව හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු තවත් දහසය දෙනෙකු නම්කර ඇත.

21. අමරානන්ද වීරසිංහ උඩරට සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කරමින් සිටියදී සංචාරක අමාත්‍යංශයේ මුදල් මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක කටයුතු සඳහා යෙදවීම සම්බන්ධ විමර්ශනය. මීට අදාලව ඒ.ජී.ඩබ්ලිව්.ආර්.ජී.වීරසිරි යන අය නම් කර ඇත.

22. පරන්තන් රසායනික සමාගමේ දුෂණ සහ වංචා පිළිබඳ විමර්ශනය. මීට අදාලව එහි හිටපු සභාපති ඩී.ජේ.යූ. පුරසිංහ නම් කර ඇත.

23. මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ දිගන ප්‍රාදේශිකයේ සිදුවූ දුෂණ සම්බන්ධ විමර්ශනය. මීට අදාලව ගාමිණී කිත්සිරි අමරවර්ධන ඇතුළු තවත් හත්දෙනෙකු නම් කර ඇත.

24. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සිදුව ඇති වංචා පිළිබඳ විමර්ශනය. මෙහි චෝදනා ලබා සිටින්නේ රූම් මර්ෂුඩ් සහ අනුර සිරිවර්ධන ඇතුළු තවත් සිව්දෙනෙකුය.

25. පසු අස්වනු තාක්ෂණ ආයතනයේ සිදුව ඇති වංචා සම්බන්ධ විමර්ශනය. මීට අදාලව එම ආයතනයේ අධ්‍යක්ෂිකා වූ ස්වර්ණශිකා තිලකරත්න සහ තවත් අයෙකු නම් කර ඇත.

26. ලංකා සතොස ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආසිරි ප්‍රනාන්දු සිදුකර ඇති දුෂණ සහ වංචා පිළිබඳ විමර්ශනය. මීට අදාළව පුංචිබණ්ඩාර ජයසුන්දර ඇතුළු තවත් තිදෙනෙකු නම් කර ඇත.

27. ජාතික ගමනාගමන කොමිසමේ ෂෙරීන් අතුකෝරාළ, ආලෝක කරුණාරත්න සහ නෙවිල් වන්නිආරච්චි යන අය සිදුකර ඇති වංචා සහ දුෂණ පිළිබඳ විමර්ශනය. මීට අදාලව ඩබ්ලිව්.ටී. රේණුක දුෂාන්ත පෙරේරා ඇතුළු තවත් හත්දෙනෙක් නම් කර ඇත.

28. ජාතික තරුණසේවා සභාවේ හිටපු සභාපති ලලිත් පියුම් පෙරේරා සිදුකර ඇති දුෂණ සහ වංචා පිළිබඳ විමර්ශනය. මීට අදාලව ලලිත් පියුම් පෙරේරා ඇතුළු තවත් හයදෙනෙකු නම්කර ඇත.

29. ජාතික රූපවාහිනියේ සිදුව ඇති දුෂණ සහ වංචා පිළිබඳ විමර්ශනය. මීට අදාලව විමලසේන රූබසිංහ ඇතුළු තවත් හයදෙනෙකු නම් කර ඇත.

30. මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියවූ දොස්තර ශාන්ති සමරසිංහ විසින් සිදුකර ඇති අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය. මීට අදාලව ධම්මික කුමාර රණසිංහ යන අයද නම් කර ඇත.

31. ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ හිටපු ලේකම් එස්. එම්. මොහොමඩ් විසින් සිදුකල වංචා සහ දුෂණ වලට අදාළ විමර්ශන වාර්තාව. ලෙනාර්ඩ් රවින්ද්‍ර ඇතුළු දෙදෙනෙක් මීට අදාළ පාර්ශවයන් ලෙස නම් කර ඇත.

32. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දීඝවාපි චෛත්‍යයට අදාළ විමර්ශන වාර්තාව. මීට අදාලව දිසානායක මුදියන්සේලාගේ සෙනරත් බණ්ඩාර ඇතුළු පස්දෙනෙකු නම් කර ඇත.

33. ඇඹිලිපිටිය සහ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලා වලට අදාළව රාජ්‍ය සම්පත් සහ මුදල් අවභාවිතය සම්බන්ධව ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් විලී ගමගේ සහ ඛනිජ වැලි සමාගමේ දිශාන් ගුණසේන යන අයට එරෙහිව විමර්ශනය කර ඇත. මීට අදාලව මහින්ද හතුරුසිංහ යන අය ඇතුළු පස්දෙනෙකු නම් කර ඇත.

34. ඖෂධ නියාමන අධිකාරියට අදාළ විමර්ශන වාර්තාව. එහි අධ්‍යක්ෂ අමල් හර්ෂ ද සිල්වාගේ දුෂණ හා වංචා සම්බන්ධව විමර්ශනය සිදුකර ඇත. මීට අදාලව කමල් බණ්ඩාර ජයසිංහ ඇතුළු දොලොස්දෙනෙකු නම් කර ඇත.

www.infosrilankanews.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article