මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 35 දෙනාගෙන් අපේක්ෂකයන් හත් දෙනෙකු එක් අපේක්ෂකයෙකුගේ ජයග්රහණය වෙනුවෙනුත්, තවත් අපේක්ෂකයන් පස් දෙනෙකු වෙනත් අපේක්ෂකයෙකුගේ ජයග්රහණය වෙනුවෙනුත් කටයුතු කරන පැෆරල් විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කරයි. ඒ හේතුවෙන් එම අපේක්ෂකයන් 12 දෙනාම මැතිවරණ නීති වලට ගරුකරමින් අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්විය යුතු බවද පැෆරල් සංවිදානය සදහන් කරයි.
එමෙන්ම තවත් අපේක්ෂකයෙකු සිය ජනප්රියතාව වැඩි කරගැනීම සදහා ජාතිවාදය මුල් කරගනිමින් කටයුතු කරන බවත් ඒ අනුව අපේක්ෂකයන් 13දෙනෙකු මැතිවරණ නීති උල්ලංඝණය වන අයුරින් කටයුතු කරන බවත් එම සංවිධානය පවසයි.
මෙම සියලුම කටයුතු නවතා දැමීමට කටයුතු නොකළහොත් 16 වැනිදායින් පසු අදාළ පුද්ගලයන් පිළිබඳ ප්රසිද්ධියට පත් කරන බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.