Sunday, January 5, 2025

ජනාධිපතිවරණය ජයගතහොත් හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන්න මහජන මුදල් භාවිතා කරන්නේ නැහැ – අනුර දිසානායක

Must read

මෙතෙක් හිටපු ජනාධිපතිවරුන් සේම මියගිය ජනාධිපතිවරුගේ දරුවන් සහ භාර්යාවන් නඩත්තු කිරීම සඳහා මේ වනවිට අති විශාල මහජන මුදලක් වැය කිරීමට සිදුව ඇති බැවින් මෙවර ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයගතහොත් හිටපු කිසිම ජනාධිපතිවරයෙකු නඩත්තුව සඳහා රටේ මහජන මුදල් වියදම් නොකරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.ඒ මහතාමේ බව පැවසූවේ ඊයේ (11) කුරුණෑගල පැවැති ජන හමුවකදීය.ඒ වෙනුවට හිටපු ජනාධිපතිවරුන් සදහා මහජන ආරක්ෂණ අරමුදලකින් දීමනාවක් පමණක් ගෙවීමට පියවර ගන්නා බවත් අනුර දිසානායක මහතා එහිදී සදහන් කලේය.

මේ වන විට ජේ.ආර්.ජයවර්ධන මහතාගේ පටන් මහින්ද රාජපක්ෂ මහතා දක්වා මෙතෙක් සිටි සියලුම ජනාධිපතිවරුන් තනතුරෙන් ඉවත් වීමෙන් පසු ජීවත් වීම සදහා සැප පහසු නිවාස පවා ලබාදී ඇති බව පෙන්වා දුන් දිසානායක මහතා තවදුරටත් සදහන් කර සිටියේ ජනාධිපතිධූරයෙන් විශ්‍රාමයාමටත් පෙර වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී වාසය කිරීම සදහා කොළඹින් සැප පහසුකම් සහිත සුවිසල් නිවසක් ඉදිකරගෙන ඇති බවද පැවසීය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article