එළඹෙන ජනාධිපතිවරණය සදහා නාම යෝජනා භාර ගැනීම ඔක්තෝබර් 07 වන සදුදා දිනයේදී සිදුවන බැවින් කොළඹ අධ්‍යාපන කලාපයට අයත් කොට්ඨාස 03ක සියලු පාසල් හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 03 ක් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව කොළඹ අධ්‍යාපන කලාපයට අයත් දකුණු කොළඹ, මැද කොළඹ හා බොරුල්ල කොට්ඨාසවල සියලු පාසල් හා ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ රාජගිරිය ජනාධිපති විද්‍යාල, රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලය සහ රාජගිරිය හේවාවිතාරණ ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය එදිනට වසා තැබීමට අධ්‍යාපන ලේකම්වරයා විසින් බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් වෙත අනුමැතිය ලබා දී ඇත.