Wednesday, January 22, 2025

ජනපති අනුරගේ ඉන්දීය සංචාරයෙන් පසු හිටපු ජනාධිපති රනිල්ටත් ඉන්දියාවෙන් ආරාධනයක්

Must read

sharethis sharing button
whatsapp sharing button
messenger sharing button
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ඉන්දීය නිල සංචාරයෙන් පසු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ද ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනයක් ලැබී ඇත.ඒ අනුව, අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙසැම්බර් 22 අලුයම ඉන්දියාවට යාමට නියමිතය.

හිටපු ජනාධිපතිවරයා සිය ඉන්දීය සංචාරයේදී එරට දේශපාලඥයින් කිහිපදෙනෙකු හමුවීමට නියමිත බවත් ඔහු දෙසැම්බර් 27 දා වජ්පායි අනුස්මරණ දේශනය (7th Atal Bihari Vajpayee Memorial Lecture)7th Atal Bihari Vajpayee Memorial Lecture) සිදුකිරීමට නියමිතය.

ජනාධිපති කුමාර දිසානායක දෙසැම්බර් 15 සිට 17 වනදා දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත වනබව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.

ඉන්දීය ජනාධිපතිනී Droupadi Murmu ගේ ආරාධනයක් අනුව ජනාධිපතිවරයා එම සංචාරයට එක්වෙයි.

ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක ගේ පළමු විදෙස් සංචාරය මෙය වෙයි.

එම සංචාරයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සමග ද්වීපාර්ශ්විකව වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද සඳහන් ය.

දෙරට අතර ආයෝජන සහ වාණිජ සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ජනාධිපතිවරයා දිල්ලි හි පැවැත්වෙන ව්‍යාපාරික හමුවකට එක්වීමට ද නියමිතය.

ඔහු එසේම බුද්ධගයාවේ සංචාරය කිරීමටද නියමිත බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය.

theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article