ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (28) දහවල් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා විසින් ඉන්දීය ජනාධිපති රාම්නාත් කොව්න්ද් මහතා හමුවීමට නියමිත අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමට නියමිත බවද වාර්ථා වෙයි.
මෙම සංචාරය සදහා ජනාධිපතිතුමන් සමග ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර , ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, විදේශ අමාත්‍යංශ ලේකම් රවිනාථ ආරියසිංහ හා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය.