රටේ ආරක්ෂාවත්,මහජනතාවගේ ජීවත් වීමේ අයිතියත් තහවුරු කිරීමට පසුගිය ආණ්ඩු දෙකට නොහැකි වූ බවත් එමනිසා ජනතාවට අළුත් හොරුන් අනවශ්‍ය බවත් පවසන ජනතා විමුක්ති පෙරමුණ ප්රචාරක ලේඛම් විජ්ත හේරත් මහතා වැඩිදුරටත් සදහන් කරන්නේ රට හැදීමේ අභියෝගය භාර ගැනීමට ජනතා විමුක්දාති පෙරමුණ සූදානම් බවයි. ඒ සදහා වන වැඩපිලිවෙල එළඹෙන 18 වනදා ඉදිරිපත් කිරීමට නියමිත බවද ඒ මහතා සදහන් කලේය.
රට ගොඩනැගිය හැකි ජනතාව ඉල්ලන විකල්ප බලය හරහා ඉදිරිපත් වන ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා අගොස්තු 18 වනදා ජවිපෙ විසින් නම් කිරීමට නියමිතය.