චීන සංචාරකයන් සදහා මෙරටට පැමිණීමට වීසා නිකුත් කිරීමේදී කිසිදු සීමාවකින් තොරව වීසා නිකුත් කිරීම සිදුකරන බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.
කෙසේ නමුත් චීනයේ සිට පැමිණෙන සියළුම සංචාරකයන්ද විශේෂයෙන් වෛරසය ව්‍යාප්තව පවතින ප්‍රදේශවලින් පැමිණෙන සංචාරකයන් ගුවන්තොටුපලේදී විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන බවද එම අමාත්‍යංශය සදහන් කරයි. එසේ සිදුකරන පරීක්ෂණ වලදී වෛරසය ආසාදිතයැයි සැකකෙරන පුද්ගලයන් හමුවුවහොත් එම පිරිස් වහාම IDH රෝහල වෙත යොමු කිරීමටද මේ වන විට කටයුතු සූදානම් කර ඇත.