Monday, September 14, 2026
spot_img

චීනය හා සෞදි වෙත ගුවන්ගමන් නවතා දැමීමට ශ්‍රී ලංකන් තීරණය කරයි.

Must read

 

ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනය සහ සෞදි අරාබිය වෙත සිදු කෙරෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හහිටුවීමට තීරණය කල බව රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පවසයි.

ඒ අනුව චීනයේ බීජිං, ෂැංහයි සහ ග්වැන්ෂෝ වෙත සිදු කෙරෙන ගුවන් ගමන් මෙම මස 10 දින සිට අප්‍රියෙල් මස 30 දින දක්වාද, සෞදි අරාබියේ සිවිල් ගුවන් සේවා අධිකාරීයේ නිර්දේශ මත එරට වෙත යන ගුවන් ගමන් ද මාර්තු මස 15 වෙනි දින සිට අප්‍රියෙල් මස 30 දින දක්වාද තාවකාලිකව අත්හිටුවා තිබේ.

කෙසේ වෙතත් මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිව තිබෙන තත්වය ඉදිරියේදී අඩු වුවහොත් ගුවන් ගමන් අප්‍රියෙල් 30 දිනට පෙර, යළින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article