චීනයේ නිෂ්පාදිත අති නවීන එස් – 14 බලවේග කට්ටල දුම්රිය අද (13දා) කොළඹ වරායට ගොඩබෑම සිදුවිය.මෙම එස් – 14 බලවේග කට්ටලයක් එන්ජින් දෙකක්,වායුසමනය කල මැදිරි දෙකක්,දෙවැනි පංතියේ මැදිරි දෙකක්,තුන්වැනි පංතියේ මැදිරි තුනක් හා භෝජන මැදිරියකින් සමන්විත වෙයි.
මෙරට උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය සදහා විශේෂයෙන් සකසා ඇති මෙම බල වේග කට්ටලයක මිල අමෙරිකානු ඩොලර් මිලියන 10. 3කි.එනම් රුපියල් මිලියන 1839.5කි. එවැනි බලවේග කට්ටල නවයක් ලංකාවට ගෙන ඒමට නියමිතය.
ඉදිරි දින කිහිපයේදී මෙම බලවේග කට්ටල පරීක්ෂණ ධාවනයන් සදහා උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය කිරීමට නියමිත අතර ඉන්පසු උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට මෙම දුමරිය යෙදවීමට නියමිතය.