Friday, January 10, 2025

ඝාතනයට ලක්වු මාධ්‍යවේදින්ගේ පරික්ෂණ නිසිලෙසින් කිරිමට ඉඩනොදුන්නේ කව්දැයි දැන් පැහැදිලිය ! !

Must read

My 3රාජපක්ෂ පාලන සමයේදි සිදුකර ඇති බරපතල අපරාධ රැසක් පිළිබදව පරික්ෂණ සිදුකිරිමේ ප්‍රධාන වගකිම පැවරි තිබුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ආයතනයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.
විශේෂයෙන්ම ඝාතනයට හා පහර කෑම් වලට ලක්වු මාධ්‍යවේදින් කිපදෙනෙකුගේම පරික්ෂණ කටයුතු භාරව සිටියේදි නිශාන්ත සිල්වා මහතාය.එමෙන්ම රාජපක්ෂ පාලන සමයේදී කොළඹ පදිංචි තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීමේ සියලු පරීක්ෂණ සාර්ථකව මෙහෙයවීම පිටුපස සිටින ප්‍රධාන නිලධාරියෙකු වන්නේ රහස් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාය. එම පරීක්ෂණවලට අනුව වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගන්නැයි අවස්ථා කිහිපයකදී අධිකරණය නියෝග කළ අතර එහෙත් ඔහුව අත්අඩංගුවට ගැනීමට එරෙහිව දිගින් දිගටම බලපෑම් එල්ල විය.
රජපක්ෂ පාලන සමයේදි ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනෙකුගෙන් පරික්ෂණ ක්‍රියාත්මක පැවැතියේ කිපදෙනෙකු පමණි.
මේ අතර මෙසේ ඝාතනයට ලක්වු 44 දෙනාගෙන් 41 දෙනෙකුම දමිල මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් වු අතර මේ කිසිදු දමිළ මාධ්‍යවේදියකුගේ පරික්ෂණ ක්‍රියාත්මක වුයේ නැත.
මාධ්‍ය ක්‍රියාකාරින් විසින් අවස්ථා ගණනාවදි මේ ප්‍රශ්ණය අදාල බලධාරින් වෙත යොමුකර තිබුණද කිසිදු අවධානයක් ඒ යොමුව තිබනේ නැත.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත ද සිල්වාට ස්ථාන මාරුවක් ලබාදිම මගින් මේ ලබා දි ඇති පණිවිඩයත්ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ජනාධිපතිවරයා විසින් දිගින් දිගටම ආරක්ෂා කිරිමට පියවර ගැනිමටත් යන කරුණුද සලකා බලන විට මාධ්‍යවේදින්ගේ ඝාතන පරික්ෂණ යටගැසිමට ක්‍රියාකර ඇත්තේ කව්දැයි මේ සමාජයට දැන් ඉතා පැහැදිලි වෙමින් තිබේ.
රාජපක්ෂයේ මේ මහා අපරාධ පිළිබදව වගකිම් සහගත අයුරින් ක්‍රියාකරන ලද නිළධාරින්ගේ ජිවිත පවා දැන් අනතුරේ හෙළිමට ක්‍රියාකිරිම ගැනද මානව හිමිකම් ක්‍රියාධරයෝ සිය විරෝධය එල්ල කරන්නට පටන් ගෙන තිබේ.
මේරට ප්‍රධාන පෙළේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ නිතිඥයෙකු වන ජේ.සි වැලිඅමුන මහතාද සිය ට්විටර් ගිණුමේ මේ පිළිබදව සටහන් තබා ඇත.
දැන් සියල්ල එකින් එක පැහැදිලි වෙමින් තිබේ.
2015 මාධ්‍යවේදින්ගේ ජිවිත මතින් බලයට පැමිණි මේ ජනාධිපතිවරයාගේ අයුක්ති සහගත හැසිරිමට අදාල සමාජ දඩුවම ඔහු ට නිසැගයෙන්ම අත්වන බවට කිසිදු සැකයක් නැත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article