Wednesday, May 15, 2024

ගෝටා ගේ මීළග ගමනාන්තය කොහේ ද?

Must read

හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා පසුගිය 13 වෙනිදා ශ්‍රී ලංකාවෙන් පලාගිය අතර ඔහුගේ මුල්ම නැවතුම වූයේ මාලදිවයිනයි. ඉන් අනතුරුව ඔහු සිංගප්පූරුව බලා ගිය අතර ඒහිදී ජනපතිධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊ මෙල් මගින් කථානායකවරයාට ඒවන ලදී.

ශ්‍රී ලංකාව ආර්ථීක අගාධයකට පත්කරමින් , ජනජීවතය අතිවිශාල කරදර බාධා රැසකට මුහුණදීමට සැලැස්වූ මෙම පුද්ගලයා ශ්‍රී ලංකාව තුළදී නීතියේ ආධිපත්‍යට යටත් කරගැනීමට නොහැකිවීම ඒක් අතකින් ජනතා පරාජයකි. අනිත් අතින් ඔහුව ඒලවා දැමීමද ජනතාවගේ  බලයේ මහිමයෙන් සිදුවූවකි. විධායක ජනාධිපති තනතුර  ඔහුට දඩුවම් නොලබා රටින් පැනයාමට ආධාරයක් විය.

ගෝටාභය රාජපක්ෂ සම්බන්ධයෙන් උතුරේ දමිළ ජනතාවගේ විරෝධය ඇවිලුනේ ආර්ථික අර්බුදය නිසාම නොවේ. යුද්ධයේ අවසන් කාලසීමාව තුළදී සිදුවූ ජීවිත විනාශය මෙන්ම අතුරුදහන්කරවීම් සම්බන්ධයෙන් ද දමිළ ජනතාව දිගින් දිගටම ඔවුට විරෝධය කළ කරමින් අතුරුදහන්වු දරුවන් හා ඥාතීන්ට සිදුවූයේ කුමක්දැයි විමසුවෝය.

ගෝටාභය රාජපක්ෂ යුද අපරාධකරුවෙකු ලෙස දමිළ ජනයාගේ දෝෂදර්ශශනයට මෙන්ම සාපයටද පාත්‍රවූයේය. ඒමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ද සාධාරණ සැකයක් හා චේදනාවක් ගෝටාභය රාජපක්ෂට ඒල්ල විය. කතෝලික සභාවේ නායක අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රසිද්ධියේ මෙම විරෝධය ප්‍රකාශ කරන ලදි. ඒමෙන්ම කතෝලික ජනයා බහුතරයක් ඔහුට පාස්කු ප්‍රහාරයේ සාපය වැදුන බවට ප්‍රකාශ කළහ. සිංහල , මුස්ලිම් මෙන්ම ‌දෙමළ ජනතාවගේ ද්‍රෝහියෙකු බවට ගෝටාභය රාජපක්ෂ පත්වී හමාරය.

ඒබැවින් ඒවැනි ජනතා ද්‍රෝහියෙකුට මෙන්ම යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ඇති පුද්ගලයෙක්ට රැකවරණ ලබාදිම ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන රටවල් ප්‍රතික්ෂේප කරනු ඇති බවට තවමත් යුක්තිය ඉටුනොු  සිංහල දෙමළ .මුස්ලිම් ජනතාවගේ බලාපොරොත්තුවයි.

මේ වන විට ගෝටාභය රාජපක්ෂ සිංගප්පූරුවේ  රැකවරණ ලබමින් සිටියි. නිල නොවන අයුරින් වාර්තා වන්නේ  ඔහුගේ  ඊළග ගමනාන්තය මැද පෙරදිග බවයි. සිංගප්පූරුව තුළ විරෝධතා ,උද්ගෝෂණ පැවැත්වීම  සම්බන්ධයෙන් දැඩි නීති පනවා ඇති රටකි.  ඒහි සිටින සැලකිය යුතු දමිළ පුරවැසියන් ගෝටාභයගේ මෙම පැමිණිම ගැන සතුටු නොවුනත් ඔවුන්ගේ විරෝධය රිසි සේ ප්‍රදර්ශනය කිරිමට ඒරට නීති රීති විසින් වැටබදිනු නියතය.

ලංකාව තුළදී දඩුවම් කිරීමට පවතින දේශපාලන තන්ත්‍රය හා නීතිය අසමත් වුවද ඔහු තවමත් අපරාධකරුවෙකි. මෙවැනි පුද්ගලයෙකුට සත්කාර රටක්වීම සම්බන්ධයෙන් මානව හිමිකම් ගරුකරන , ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජාත්‍යන්තර ප්‍රජාවගේ මෙන්ම සංවිධාන වල ‌දෝෂදර්ශනයට ලක්වීමට සිංගප්පූරුවට සිදුවනු ඇති අතර ඔහුට රැකවරණ දෙන සෑම රටකටම ඒයට මුහුණ දිමට සිදුවනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article