Wednesday, January 22, 2025

ගොවිබිම් සහ ගවයින් රැකගැනීමට නැගෙනහිර ගොවීන් කරන උපවාසයට දින 200යි

Must read


මඩකලපුව දිස්ත්‍රික්කයේ ගවයින් සඳහා වෙන් කර ඇති ඉඩම් ආක්‍රමණය කර බහුතර ජනවාර්ගික ජනතාව විසින් ගවයින් ඝාතනය කිරීමට සහ ගොවීන්ට පහරදීමට එරෙහි විරෝධතාව අද වනවිට (01) දිනට 200 වැනි දිනට ළඟා විය. ගව ගොවීන්ට තෘණ ඉඩම්වලින් සිදුවන අසාධාරණයට එරෙහිව ගොවීන් දින 200ක විරෝධතාවක නිරතව සිටිති.

ආගමික නායකයින්, දේශපාලන නියෝජිතයින්, සමාජ ක්‍රියාකාරීන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ඇතුළු විශාල පිරිසක් ගොවි ජනතාව මෙහෙයවන සදාචාර අරගලයට සහය පළ කර තිබෙනවා.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ගව තෘණ සඳහා වෙන් කර ඇති මයිලතාඩු සහ පෙරියමතවානි ප්‍රදේශවල ගවයින් තුන්ලක්ෂ පනස් දහසක් සිටිනවා. බහුතර කුලයට අයත් වගාකරුවන් 800ක් පමණ එම ස්ථානයේ අක්කර 30 බැගින් අනවසරයෙන් ඉඩම් අල්ලාගෙන වගා කටයුතුවල නිරතව සිටිති.

අධික ලෙස වගා කිරීම නිසා ගවයන් සඳහා වන ආහාර විනාශ වීම නිසා පසුගිය මාස හත තුළ ගවයින්ට ආහාර නොමැතිව කිරි නිෂ්පාදනය ලීටර් 4000 කට වඩා අඩු වී ඇත.

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා ගවයින් 1750ක් පමණ මොවුන් විසින් වෙඩි තබා කඩුවලින් කපා විදුලි වැටවල සිරවී වනාන්තරයේ මරා දමා ඇත. සමහර හරක් අතුරුදහන් වෙලා. මේ නිසා ගොවීන්ට රුපියල් කෝටි විසි එකක පමණ පාඩුවක් සිදුව තිබේ.

ගවයන් විනාශ කිරීම සම්බන්ධයෙන් වාලච්චේන පොලිසියේ සහ කරදියනාර් පොලිස් ස්ථානයේ පැමිණිලි 36ක් ලියාපදිංචි කළද අධිකරණයට ඉදිරිපත් වූයේ පැමිණිලි තුනක් පමණක් බව ගොවීහු පැවසූහ.

එල්.තේවාදිරන්

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article