Saturday, May 18, 2024

ගිනි ගනිමින් පවතින තෙල් නෞකාවෙන් ඕනෑම වේලාවක තෙල් විසිරීමක් සිදුවිය හැකියි

Must read

මේ වන විටත් නැගෙනනහිර මුහුදේ ගිනිගනිමින් පවතින තෙල් නෞඛාවේ ගින්න එහි බොරතෙල් ගබඩා දෙසට පැතිර යෑම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටින බව  නාවික හමුදාව පවසයි. එම නෞකාවේ බොරතෙල් මෙට්‍රික් ටොන් 270,000ක් ගබඩා කර ඇති බව වාර්ථා වෙයි.

අද (04) උදෑසන වන විට නෞකාව නාවික සැතපුම් 12ක් පමණ ගොඩබිම දෙසට පැමිණ ඇති අතර කාලයත් සමග එම නැව වෙරළට ළඟා වෙනු ඇතැයි අනුමාන කරන බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසයි. එමෙන්ම ගින්න ඇති වීමෙන් පසු සිදුවූ පිපිරීම් කිහිපයක් සමග නෞකා බඳෙහි ඉරිතැලීම් කිහිපයක් නිරීක්ෂණය වන බවත් ඒ අනුව ඕනෑම වේලාවක තෙල් පිපිරීමක් සිදුවිය හැකි බවත් මේ වන තෙක් තෙල් විසිරීමක් පිළිබඳ වාර්තා වී නොමැති බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කරයි.

ඒ සම්බන්දයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසන්නේ  “යම් හෙයකින් මෙයින් තෙල් විසිරීමක් සිදුවුවහොත් කල්කුඩා, පාසිකුඩා හා ආරුගම්බේ ප්‍රදේශයට හානි වෙන්න පුළුවන්. තෙල් ඉහළ පැත්තට ගියොත් වාකරේ ප්‍රදේශයට හා ත්‍රීකුණාමලයේ පිජන් දූපත්වලට හානියක් විය හැකියි. ඊට අමතරව තෙල් පහළට ආවොත් අනිවාර්යයෙන්ම කිරින්ද ප්‍රදේශය දක්වා ම පැතිර යා හැකියි. වර්තමානය වෙද්දි එවැනි දෙයක් මෙතෙක් වාර්තා වෙන්නේ නෑ. නමුත් රටක් විදියට එවැනි දෙයක් වුනොත් මුණදීමට කළ හැකි සියලු දේ අනුගමනය කරමින් සිටිනවා“  ලෙසටයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article