ලිට්රෝ ගෑස් ලංකා සමාගම සිය ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන බව නිවේදනය කර ඇත.
ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 70ත් 90ත් අතර ප්‍රමාණයකින් ඉහළ නංවන බවය.
මෙම සංශෝධිත මිල (නොවැ 04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.
ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම හේතුවෙන් මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක කරන බවද මුදිත පීරිස් මහතා සඳහන් කළේය.
මේ අතර , මීට පෙර පසුගිය මාසයේද මෙලෙස ලිට්රෝ 12.5kg සිලින්ඩරයක මිල රුපියල් 145 කින් ඉහළ දැමූ අතර කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 58කින් ඉහළ දමනු ලැබිය.
එමෙන්ම 2.3kg සිලින්ඩරයක් රුපියල් 26 කින් වැඩි ඉහල දමා තිබුණි.