Thursday, January 23, 2025

ගැටුම් මැද වාලච්චේන ප්‍රාදේශීය සභාවේ අයවැය සම්මත කරගනියි- දෙදෙනෙක් රෝහලේ

Must read

 (11.20pm) වාලච්චේන ප්‍රාදේශීය සභාවේ  දී අද උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුනේ 2021 අයවැය ඉදිරිපත්කිරීම සඳහා කල් ඇතිව දැනුම් නොදී හදිසියේ පැවැත්වීමට ඇතිවූ සුදානමක් හේතුවෙනි.

ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය විසින් අද අයවැය පැවැත්වීමට ව්රෝධය පළකර ඇති අතර මේ තත්ත්වය හේතුවෙන් බලධාරීන් විසින්   ප්‍රාදේශීය සභා  භූමියට ඇතුලුවීම වැලැක්වීමට පියවර ගෙන තිබුණි.

වාලච්චේන ප්‍රාදේශීය සභාවේ පාලන බලය හිමිව ඇති තමිල් මක්කල් විඩුදලෙයි පුලිගල් (TMVP) පක්ෂයට වේ.   එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී   පිල්⁣ලෙයාන් ඇතුළු පිරිසක්  ප්‍රාදේශීය සභා පරිශ්‍රයට   පැමිණ බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහා දැරෑ අවස්ථාවේදී තරමක උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇති අතර තුවාල ලැබූ ප්‍රා.සභා ලේකම් ඇතුළු තවත් පුද්ගලයෙකු රෝහල් ගතකර තිබේ.
මේ අතර සභා පරිශ්‍රයට බලෙන් ඇතුළු වූ පිරිස අයවැය විවාදය ආරම්භ කර 2021 සඳහා  ඡන්ද 11 කින් අයවැය සම්මත කරගෙන තිබේ.විපක්ෂය ඡන්දය භාවිතා කර නොමැත.
වාලච්චේන ප්‍රාදේශීය සභාපති හා උප සභාපති අතර ඇතිවූූ ආරවුලක් හේතුවෙන් පසුගියදා අයැවය විවාදය කල්තබන ලදී.
අද සිදුවූ ගැටුමෙන් තුවාල ලැබූූ ප්‍රාදේශීය සභා නිලධාරීන් රෝහල්ගතකළ අතර ඔවුන්ගේ සුවදුක් විමසීමට ,දෙමළ ජාතික.සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චානෙක්යින් රාසලිංගම් මහතා පැමිණ තිබේ.


දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article