Saturday, September 21, 2024

ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරගය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවසර

Must read

මේ දිනවන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ටෙස්ට් තරගය නැරඹීම සදහා අද (24) සිට ප්‍රේක්ෂකයන්ට අවසර ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. කෙසේ වෙතත් මෙම අවසර හිමිවන්නේ යම් සීමා කිරීම් වලට යටත්වය.

ඒ අනුව, පූර්ණ එන්නත්කරණයට ලක්වූ ප්‍රේක්ෂකයින්ට (ගාල්ල ක්‍රීඩාංගණයේ ආසන ධාරිතාවෙන් 50%කට) තරගය නැරඹීමට අවසර ලබාදීමට නියමිතය. ඒ සදහා ප්‍රේක්ෂකයන් විසින් තමන් එන්නත්කරණයට ලක් ව ඇති බවට වන සාක්ෂියක් (කාඩ්පත) ඉදිරිපත් කළ යුතු ය.ක්‍රීඩාංගණයට ඇතුල්වීමට අවම වශයෙන් දින 14 කට පෙර, 2 වන එන්නත ද ලබාගෙන තිබිය යුතු ය.

මෑත කාලයේදී ලොවපුරා පැවති ක්‍රිකට් තරග නැරඹීම සදහා ප්‍රේක්ෂකයන්ට සීමා යටතේ අවසර හිමිවූවත් ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා තරග නැරඹීම සදහා ප්‍රේක්ෂකයන්ට අවසර ලබා දී නොතිබිණි. එවන් පසුබිමක පසුගියදා අවසන් වූ අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගය නැරඹීම සදහා එම ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරය පිරෙන්නට ප්‍රෙක්ෂකයන් පැමිණ තිබීම සමාජ මාධ්‍ය වල දැඩි විවේචනයට ලක්විය. එසේ සමාජ මාධ්‍ය හරහා විවේචන එල්ලවීම ආරම්භ වීමත් සමග අද සිට ක්‍රිකට් තරග නරඹන්නටප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදෙන්නට තීරණය කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article