Friday, September 20, 2024

ගල්කිස්ස වෙරළේ දියනෑමට ගොස් අතුරුදන් වූ තරුණයන් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම්

Must read


ගල්කිස්ස මුහුදු තීරයේ දිය නෑමට ගොස් ඊයේ (23) පස්වරුවේ සිට අතුරුදන් වී ඇති  තරුණයින් දෙදෙනා  මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය.

ගල්කිස්ස ප්‍රදේශයේ මෑන්පවර් නියෝජිත ආයතනයක සේවයේ නිරත පිරිසක් ඊයේ පස්වරු 2.45ට පමණ ගල්කිස්ස මුහුදේ දිය නෑමට ගොස් තිබේ.

13 දෙනෙකුගෙන් යුත් එම පිරිසෙන් 7 දෙනෙකු එහිදී මුහුදු රළට හසු වී ඇති අතර පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ඉන් තරුණයින් පස්දෙනෙකු බේරා ගැන ඇත.

මෙසේ අතුරුදන්ව ඇත්තේ පූඬළුඔය ප්‍රදේශයේ පදිංචි 18 හා 19 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු බව වාර්තා වෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article