Saturday, March 7, 2026

ගම් වැදුන අලි මන්නාරමේදි පොල් වගාවක් විනාශ කරති.

Must read

මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පරප්පුක්කන්තන් ගම්මානයට ඊයේ (10) රාත්‍රියේ ඇතුළු වූ වන අලි රංචුවක් පොල් ගස් කිහිපයක් විනාශ කර තිබේ.

විනාශ කරන ලද සියලුම පොල් ගස් අවුරුදු 16 ක් පැරණි බව ප්‍රදේශවාසිහු පවසා සිටිති.

මෙම ගම්මානයේ බොහෝ ප්‍රදේශවල වන අලි සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බවත්, කරන විනාශයන් හරහා ඔවුන්ගේ ජීවනෝපායට බරපතල ලෙස බලපා ඇතැයිද කියා සිටිති.

වන අලි නිසා මේ තත්ත්වය දිගටම පැවතුනහොත් මෙම ගම්මානයේ කෘෂිකාර්මික කටයුතු කරගෙන යාමට නොහැකි වනු ඇති බවත්, කරේ තබාගෙන වතුර දමමින් වගා කළ පොල් ගස් ඵල දරමින් සිටියදී විනාශ වී ඇතැයි  ඔවුහු කනස්සල්ල පළ කර සිටිති.

මේ බව සලකා බලා ජනතාව රජයෙන් ඉල්ලා සිටින්නේ පරපක්කුකාන්තන් ගම්මානය සඳහා අලි වැටක් ඉදිකර ආරක්ෂාව සලසා දෙන ලෙසය.

news7mannar.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article