වෙනත් පුද්ගලයෙකුගේ ගම්මිරිස් වගා කර තිබු ඉඩමකට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකුට ඉඩම්හිමියා විසින් වෙඩි තැබීමේ පුවතක් මාතලේ රත්තොට ප්රදේශයෙන් වාර්තා වෙයි.
මෙම වෙඩි තැබීමෙන් අදාල පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක පුද්ගලයෙකි.
කෙසේ වෙතත් සිදුවීමෙන් පසු වෙඩි තැබූ පුද්ගලයා ගිනිඅවිය ද සමඟ පොලීසියට භාර වී තිබේ.එහිදී ඔහු පවසා ඇත්තේ තම ඉඩමට “වල් ඌරෙකු“ පැමිණියේ යැයි සිතා වෙඩිතැබීම සිදුකළ බවය.