Friday, September 20, 2024

ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් මෙහෙයුම් අත්හිටුවයි

Must read

ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් මෙහෙයුම් කටයුතු එළඹෙන 17වන දින දක්වා අත්හිටුවීමට තීරණය කල බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් වසංගතය ව්‍යාප්තව ඇති තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත බව එම නිවේදනයේ සදහන් වෙයි.

කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා සැපයීම ද ඉහත දින දක්වා අත්හිටුවා ඇති බවද දැනුම් දෙයි.

මධ්‍යම තැපැල් හුවමාරුව ඔස්සේ ව්‍යාපාරික තැපැල් සේවා ලබාගන්නා ආයතනයන්හී තැපැල් භාණ්ඩ තැපෑලට යොමු කිරීම සඳහා සහකාර අධිකාරී (වාණිජ) අමතා සුදුසු වේලාවන් වෙන් කරවා ගෙන එම කටයුතු සිදුකළ යුතු බවද දන්වා සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article