Saturday, May 18, 2024

ගණේමුල්ල ගුවන්පාලම විවෘත කිරීම ළගදීම..

Must read

11be5ca690416b632281b2f421e2cf4b_L

ගනේමුල්ල ගුවන්පාලමේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරයේ පවතින අතර එය නුදුරේදීම ජනතාව සදහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය පවසනවා.

ගනේමුල්ල දුම්රිය ස්ථානයට ආසන්නව ඉදිවෙමින් පවතින මෙම ගුවන්පාලම මීටර 504ක් දිගුවන අතර මීටර 300ක් දිග පිවිසුම් මාර්ගයක්ද ඊට ඇතුලත්.මේ සදහා සම්පූර්ණ වියදම රුපියල් මිලියන 1,768.21 බවයි සදහන් වන්නේ.

ගනේමුල්ල නගර ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ නගරවල මධ්‍යයේ පිහිටා ඇති බැවින් හා ගණේමුල්ල දුම්රිය ස්ථානය හේතුවෙන් එම ප්‍රදේශයේ විශාල වාහන තදබදයක් ඇතිවීම හේතුවෙන් එම තත්වය මගහරවා ගැනීම සදහා මෙම ගුවන්පාලම ඉදිකිරීම ආරම්භ වූයේ 2015 වසරේ අප්‍රේල් මස 19 වනදායි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article