යූනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක වන මගී ප්‍රවාහන යාත්‍රා සේවය අද (22) ආරම්භ වේ.ඒ කොළඹ කොටුව මැකලම් ගේට්ටුව අසළ බෝට්ටු අංගනයේදී (ලේක් හවුස් ඉදිරිපිට) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම සේවාව මුල් මාසය කුල ජනතාවට නොමිලේ සැපයීමට තීරණය කර ඇති අතර නාවික හමුදාව හා ඒකාබද්ධව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙල යටතේ නාවික ගමනා ගමනයේ දී පිළිපැදිය යුතු සියලු ආරක්‍ෂක විධිවිධාන පිළිපැදීම අනිවාර්ය වේ.
ඉදිරියේදී බේරේ වැව සහ වැල්ලවත්ත ඇල කේන්ද්‍ර කරගනිමින් තවත් අදියරක්ද, කැළණි ගඟේ මට්ටක්කුලිය සිට හංවැල්ල දක්වාකැළණි ගඟේ මට්ටක්කුලිය සිට හංවැල්ල දක්වා තවත් අදියරක්ද වශයෙන් බෝට්ටු සේවාවක් කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධනුෂ්ක රාමනායක මහතා පවසයි.
ජල මාර්ග වල බෝට්ටු සේවාවන්ට සම්බන්දව බස් හා දුම්රිය ප්‍රවාහන සේවාවල කාලසටහන් සකස් කිරීමටත් ඉදිරියේ දී කටයුතු කිරීමට නියමිතය. එමෙන්ම රාත්‍රී කාලයේදී විදෙස් සංචාරකයන් සදහා රාත්‍රියේදී මේ බෝට්ටු සේවය යොදා ගැනීමට නියමිතයි.