Saturday, September 21, 2024

කොවිඩ්19 පරීක්ෂණ සිදුකරන්න විශ්වවිද්‍යාල 3ක රසායනාගාර පවත්වා⁣ගෙන යෑමේ සූදානමක්

Must read

 

කොවිඩ්19 ආසාදනය වූවන් හදුනාගැනීම සදහා රසායනාගාර පරීක්ෂණ සිදුකිරීමට විශ්වවිද්‍යාල 03ක රසායනාගාර පවත්වාගෙන යාමට කටයුතු සූදානම්කරමින් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.ඒ අනුව පේරාදෙණිය, කැලණිය සහ කොළඹ විශ්ව විද්‍යාල මඟින් එම රසායනාගාර පවත්වාගෙන යාම සිදුවනු ඇත.

කොළඹ පුද්ගලික ⁣රෝහල කිහිපයක් හරහාද PCR පරීක්ෂණ සිදුකරවා ගැනීමට අපේක්ෂා කරන බවත් ආසියානු සංවර්ධන බැංකුව මඟින් මෙරට පරීක්ෂණාගාරයක් ඉදිකිරීමට පියවර ගෙන ඇති අතර එහිදී දිනකට පී.සී.ආර්.පරීක්ෂණ දහසක් පමණ සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කරයි.

මෙරට තුල මේ වන විට පවතින PCR පරීක්ෂණ ධාරිතාව 1200ක් පමණ වන අතර අවශ්‍යතාවය මත එය ක්‍රමයෙන් ඉහළ නැංවීමට කටයුතු කරන බවද ජාසිංහ මහතා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article